වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අරුණ විදානගමගේ සම්බන්ධ බවට තමන් විසින් කළ ප්‍රකාශය සිය පුත්‍රයා විසින් පසුගිය (01) වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් මුදාහරිමින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අනුර විදානගමගේගේ බිරිඳ IODPP Police නම් යූ ටියුබ් නාලිකාවට ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඝාතනයට ලක්වූ අරුන විදානගමගේ නොහොත් කජ්ජාගේ බිරිද විසින් එම නාලිකාවේ සාකාච්ඡාවට එක් වෙමින් ප්‍රකාශ කරන්නේ, කපිල දිසානායක හෝ රාජපක්ෂලා යන පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනෙක් තම පුත‍්‍රයා මෙහෙයවමින් මෙම ක්‍රියාව සිදු කරන බවට සැක පළ කරන බවයි.
අනුර විදානගමගේ හෙවත් කජ්ජාගේ පුත් ඉඳුවර විදානගමගේ මවගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක්ද පළ කර තිබුණා.
කෙසේවෙතත් එම ෆේස්බුක් සටහන පිළිබඳව අදහස් දැක්වූ අනුර විදානගමගේ බිරිඳ කියා සිටියේ, අඩු ප්‍රාථමික අධ්‍යාපන මට්ටමක් ඇති, තම දහසය හැවිරිදි පුත්‍රයා විසින් මෙවැනි ෆේස්බුක් සටහන් ලියා නොමැති බවත්, වෙනත් කෙනෙකු ලියූ දෙයක් ඔහු සමාජගත කර ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
තම පුත්‍රයාට කපිල දිසානායකගේ දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති බවත්, තමන් තාජුඩීන් ඝාතනය ගැන නොදැන සිටි කාලයේ පවා කපිල දිසානායක යන පුද්ගලයාව සැක පළ කළ බවත් ඇය හෙළි කළා.
මෙම ප්‍රේම සම්බන්ධය නිසා දරුවන් සමගම මරා දමන බවට කපිල දිසානායක ඇයට තර්ජනය කර ඇති බවට තමාට ආරංචි වූ බවද ඇය පෙන්වාදෙනවා.
එමෙන්මමියගිය ස්වාමිපුරුෂයාගේ ඥාතීන් හරහා දරුවා නිවසට ගෙන්වාගෙන බලපෑම් කර තොරතුරු ලබාගත් බවට තමන්ට මතයක් ඇති බවත්, කපිල දිසානායකගෙන් හෝ රාජපක්ෂ පවුලේ වෙනත් කෙනෙකුගෙන් මුදල් ලබාගත්තාද යන සැකය තමන්ට ඇති බවත් ඇය සඳහන් කළා.
තම පුත්‍රයාව මෙහෙයවා මෙවැනි ප්‍රකාශයක් කරවීම පිටුපස ඇති ප්‍රධාන හේතුව වන්නේ තාජුදීන් ඝාතනයට අදාළව තමන් ලබා දුන් වැදගත් සාක්ෂියට නොවැදගත්කමක් ලබා දීම බව ඇය තවදුරටත් අවධාරණය කළා.
අරුණ විදානගමගේගේ බිරිඳ පවසන්නේ, තම දරුවා ඉඳුවර විදානගමගේ මෙවැනි ආකාරයේ දේවල් සදහා පාවිච්චි කිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවත් එය බරපතල වරදක් බවයි.
ඒ අනුව තම දරුවා මාධ්‍යට යොදා ගැනීම පිළිබඳව වහාම නීත්‍යානුකූලව විමර්ශනයක් පවත්වන ලෙස ඇය ඉල්ලා සිටියා.
එමෙන්ම ඇය තවදුරටත් අනාවරණය කළේ, ඉඳුවර විදානගමගේ ඉපදීමෙන් පසු ඔවුන් ගමට ගොස් ඇති අතර ඉන්පසු අරුණ විදානගමගේ මහින්ද රාජපක්ෂ සහ කපිල දිසානායක විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ රියදුරු රැකියාවකට යොදවා තිබෙන බවයි.
එම කාලය තුළ කපිල දිසානායක කොළඹ පැමිණි අවස්ථාවලදී තම ස්වාමිපුරුෂයා සමඟ ගමන් කළ බව අරුන විදානගමගේ බිරිඳ සඳහන් කළා.
කොළඹින් පිටත රාජකාරි සඳහා කපිල දිසානායක අමාත්‍යාංශයක වාහනයක් ගෙන්වාගෙන ගමන් කර ඇති අතර, ආපසු නිවස වෙත ගොස් ඇත්තේ අරුණ විදානගමගේ සමඟ ත්‍රී රෝද රථයකින් අධිවේගී මාර්ගයට පැමිණීමෙන් පසුව බවයි ඇය පවසන්නේ.
එමෙන්ම තාජුඩීන් ඝාතන සිද්ධියේදී අරුණ විදානගමගේගේ පවුලේ අනෙකුත් සාමාජිකයන් ඔහුව හඳුනා ගැනීමට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් ඇය කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුර විදානගමගේගේ සහෝදර සහෝදරියන්ගෙන් සාක්ෂි ලබාගෙන ඇති බවයි.
තම සහෝදරයා මේ වන විට මියගොස් ඇති නිසාවෙන් කටඋත්තර ලබා දීමට සහ පොලිසිය වෙත යෑමට ඇති අකමැත්ත නිසා එක් සහෝදරියක් විසින් ඔවුන්ට නිස්කලංකව ජීවත්වීමට සිටින ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවද අනුර විදානගමගේගේ බිරිද පවසා සිටියා.
“මම හිතන විදිහට එයාලා පොලිසිය උසාවි ගානට යන්න තියෙන අකමැතිකමට රාජපක්ෂලාට සහ කපිල දිසානායකට තියෙන බයකට නිසා එයාලා ඉදිරිපත් වෙන්නේ නැතුව ඇති,”යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළා.