gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“අත්සන අපැහැදිලියි” - කතරගම ගොඩනැගිල්ල ගැන ගෝඨාභය කෙඳිරිගායි

කතරගම මැණික් ගඟ අසබඩ ඉදිකර ඇති ගොඩනැගිල්ල තමා හට අයත් යැයි සඳහන් කරනු ලබන පුවතක් ජනමාධ්‍යයේ පළවන බවට නිරීක්ෂණය වී ඇති බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.

එම ගොඩනැගිල්ලට විදුලිය ලබා ගැනීම සඳහා “ජී.රාජපක්ෂ” යන අයෙකුගේ නමින් ඉදිරිපත් කර තිබූ අයදුම්පතක් පමණක් බවත් එම අයදුම්පතේ හරි ආකාර අත්සනක් යොදා නොතිබුණ බවද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ,

“කතරගම මැණික් ගඟ අසබඩ අන් අයෙකු විසින් ඉදි කර ඇති ගොඩනැගිල්ලක් මා හට අයත් යැයි වරදවා සඳහන් කරනු ලබන පුවතක් කලින් කල ජනමාධ්‍යයේ පළ වෙනු නිරීක්ෂණය වී තිබේ. 2025 ඔක්තෝබර් (13) වැනි සඳුදා ද (ඊයේ) ඇතැම් රූපවාහිනී නාලිකා ඔස්සේ පළ වූ පුවතකින් එකී ගොඩනැගිල්ල පිළිබඳව සඳහන් කිරීමේදී මාගේ නම ද නැවතත් සඳහන් කර තිබේ.

එකී ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව පසුගිය වකවානුවේ සී.අයි.ඩී පරීක්ෂණයක් පැවැත්වුණි. එම පරීක්ෂණයට අදාළව මම ද ප්‍රකාශයක් ලබා දුන්නෙමි. ඒ පිළිබඳව මාගෙන් විමසීමට හේතුව වී ඇත්තේ එම ගොඩනැගිල්ලට විදුලි සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා “ජී.රාජපක්ෂ” යන අයෙකුගේ නමින් ඉදිරිපත් කර තිබූ අයදුම්පතක් පමණී. එම අයදුම්පතේ හරි ආකාර අත්සනක් ද යොදා නොතිබුණි. අත්සන තිබිය යුතු තැන වූයේ අපැහැදිලි කුරුටු ගෑමකි.

මෙම වැරදි පුවත විටින් විට මතු වෙන හෙයින් ද සැමගේ දැන ගැනීම පිණිස ද, කතරගම මැණික් ගඟ අසබඩ එකී ගොඩනැගිල්ල මා හට අයත් දේපළක් නොවන බව තරයේ ප්‍රකාශ කරමි. කතරගම ප්‍රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදි කිරීමට හෝ පවත්වා ගෙන යෑමට හෝ මා හට කිසිදාක කිසිදු හේතුවක් හෝ උවමනාවක් හෝ තිබී නැති බව ද කිව යුතුය.”
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka