gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රූපවාහිනිය EPF ගෙවීම පැහැර හැරීම ගැන පරීක්ෂණ කරන්නැයි කම්කරු ඇමැතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවක අර්ථසාධක මුදල් ගෙවීම මාස 13ක් පැහැර හැර ඇති බව කියමින් එහි වෘත්තීය සමිති 7ක සභාපතිවරුන් හා ලේකම්වරුන් විසින් යොමුකර ඇති ලිපිය ගැන අවධානය යොමුකර පවතින නීති හා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන ලෙස කම්කරු කොමසාරිස්වරයාට, කම්කරු අමාත්‍යවරයා විසින් උපදෙස් දී තිබේ.

අමාත්‍යවරයාගේ, පෞගලික ලේකම් වන නිලක්ෂි ගුරුගමගේ විසින් ලිපියක් යොමුකරමින් මේ බව දැනුවත් කර ඇති අතර, ඒ සම්බන්ධ කාරණාව ලිපි යොමුකරමින් අදාළ ගැටලුව යොමු කළ වෘත්තීය සමිති සඳහා ද ඒබව දැනුවත් කර තිබේ.

ශ්‍රී ලංකා මිරර් වෙත ලැබී ඇති තොරතුරු අනුව මසකට සේවක අර්ථසාධක ලෙස රුපියල් මිලියන 1.2කට ආසන්න මුදලක් ගෙවිය යුතු බවත්, මේ අනුව දඩ මුදල් නොමැතිව රූපවාහිනිය ගෙවි යුතු මුදල මිලියන 16.2 කට ආසන්න බව පැවසේ.

මෙසේ නොගෙවූ මුදලින් වැඩි ප්‍රමාණයක් ගෙවා නැත්තේ වත්මන් රූපවාහිනී සභාපති ගිහාන් ද සිල්වා මහතා යටතේය. එය මාස 5ක් වන අතර ඒ මාර්තු, මැයි, ජුනි, ජූලි හා අගෝස්තු මාසවලදී බව අදාළ වෘත්තීය සමිති පෙන්වා දී තිබිණි.

කම්කරු අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය විසින් නිකුත් කර ඇති ලිපිය පහත දැක්වේ. (කම්කරු අමාත්‍යවරයා ලෙස ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කටයුතු කරනු ලබයි.)


සේවක අර්ථසාධක මුදල් නොගෙවීමට දඬුවම් ලෙස සේවා යෝජකයාට රුපියල් 25,000ක දඬයක් හෝ සිර දඬුවමක් හෝ දෙආකාරයම ලබාදීමට හැකි බවත්, එසේම අඛණ්ඩව උල්ලංඝනය කිරීම සඳහා දිනකට රුපියල් 5,000ක දඬයක් නියම කිරීම ද ප්‍රතිපාදන ඇති කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka