gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩඩ්ලි ‘Clean Sri lanka’ සමග එක්වෙයි.. ඇමති ටීබී හා එක්ව අලුත් ව්‍යාපෘතියක් අරඹයි…

“Clean Srilanka” ව්‍යාපෘතියට සහය දැක්වීම සදහා අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතාගේ මූල්‍ය හා ප්‍රතිසංස්කරණ දායකත්වය යටතේ පොළොන්නරුව හතමුණ හංදිය ජල කුළුණ සහ “සිහින ගමනාන්තය වැඩසටහන” යටතේ ක්‍රියාත්මක වන පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ සමාරම්භක උත්සවය 2025.10.28 වන දින සිදු කරණ ලදී.

මෙම අවස්ථාව සදහා නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා,නගරාධිපති ලලිත් තිස්ස කුමාර මහතා,පොළොන්නරුව ප්‍රාදේශීය සභාවේ සභාපති වසන්ත සරත් කුමාර මහතා,දිස්ත්‍රීක් ලේකම්,ප්‍රාදේශීය ලේකම්,නාගරික කොමසාරිස් සහ අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka