gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චීන පොහොර නැව සම්බන්ධ පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මකයි… වරදකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කරනවා… කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කියයි

රුපියල් මිලියන 60 000ක අලාභයක් සිදුකළ චීන පොහොර නෞකාව පිළිබද පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බව ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න  පවසයි. දැනට සිදුකරන එම පරීක්ෂණවලින් අනතුරුව වරදකරුවන්ට දඩුවම් ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

ජාත්‍යන්තර ආහාර දින සැමරුමට සමගාමීව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධාන කළ කෘෂි ආහාර දින සැමරුම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී ඊයේ (14) පැවැත්විණි.  කෘෂී ආහාර තාක්ෂණය යොදා ගනිමින් සිදු කළ ආහාර නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනයකින් ද මෙම ආහාර දින සැමරුම සමන්විත විය.

එහිදි අදහස් දැක්වූ  නියෝජ්‍ය අමාත්‍යවරයා ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ ගන්නා ලද තීන්දු තීරණ රට ආර්ථක පරිහානියට පත්වීමට හේතු වූ බවත් එම තත්ත්වය වළක්වා පුනරුද ආර්ථික සංවර්ධනයක් කරා රට යොමු කිරීමට රජය කටයුතු කරන බවත් කීවේය.

ඒ අනුව නව කෘෂි තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී කෘෂිකර්ම අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද ඔහු කීවේය.

අහාර තාක්ෂණය, පර්යේෂණ සහ නවෝත්පාදන යොදා ගැනීම සම්බන්ධ විශේෂඥයන්ගේ අදහස් ලබා ගනිමින් සුහුරු කෘෂි ආර්ථකයක් කරා යොමු කිරීම මෙහි එක් අපේක්ෂාවක් යැයි ද නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ජී.ජී.වී.ශ්‍යාමලී, පළතුරු හා එළවලු අපනයන කරුවන්ගේ සංගමයේ නියෝජිත සමන් දේවගේ  ඇතුලුව නිලධාරීන්, කෘෂි ව්‍යවාසයකයන්, තරුණ ගොවි නියෝජිතයන් ඇතුලු පිරිසක් මෙම සැමරුම් උත්සවය සඳහා සහභාගීවූහ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka