gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දඹුළු විහාරයේ ඉඩම් ජනාධිපති කාර්යාල මැදිහත්වීමෙන් කොල්ලකනවා..- විහාරාධිකාරි හිමි දරුණු චෝදනාවක්

ඓතිහාසික දඹුල්ල රජමහා විහාරය සතු ඉඩම්, සංවර්ධනයේ මුවාවෙන් කොල්ලකමින් සිටින බවට විහාරයේ බාරකාර හිමියන් වන පූජ්‍ය දඬුබැඳිරුප්පේ මහින්ද හිමියන් දැඩි චෝදනා එල්ල කරති. මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මෙම කරුණු අනාවරණය කළහ.

දඹුළු විහාරය සන්තක ඉඩම් මුලින් පවරා දෙනු ලැබුවේ දඹුල්ලේ සංවර්ධනය සඳහා වුවද, දැනට එම ඉඩම් බදු දීම සහ අනුසත්‍ය කිරීම වැනි කටයුතු සිදුවෙමින් පවතින බව මහින්ද හිමියන් ප්‍රකාශ කළහ.

විහාරයට අයත් ඉඩම්, බදු දීම සිදුවන්නේ ජනාධිපති කාර්යාලයෙන් බවට බදුකරුවන් විසින් ප්‍රකාශ කර තිබේ. උන්වහන්සේ දැඩි ලෙස අවධාරණය කරන්නේ මෙවැනි කාරණා ජනාධිපති කාර්යාලයෙන් සිදුනොවිය යුතු බවයි. එසේ සිදුවන්නේ නම්, ජනාධිපති කාර්යාලයේ ඒ කියන බලවතා කවුදැයි ප්‍රකාශ කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිති.

පූජ්‍ය මහින්ද හිමියන් පෙන්වා දෙන්නේ, නාගරික සංවර්ධන අධිකාරියට මෙවැනි බදු දීමේ ක්‍රියාවලීන් සිදුකිරීමට කිසිදු අයිතියක් නොමැති බවයි.

විහාරය විසින් සත්භාවයෙන්ම ඉඩම් පැවරුවේ දඹුල්ලේ සංවර්ධනය බලාපොරොත්තුවෙන් බව උන්වහන්සේ පැවසූහ.

කෙසේ වෙතත්, සංවර්ධනයේ මුවාවෙන් දඹුළු විහාරය වටා ඉඩම් ජාවාරම් කරන විවිධ ජාවාරම්කරුවන් අද වන විට බිහිවී සිටින බවද උන්වහන්සේ සඳහන් කරති.

මෙම ජාවාරම වහාම නතර කළ යුතු බවට ඉල්ලීමක් කරන උන්වහන්සේ, දැනට බදු දී ඇති දඹුළු විහාරයේ ඉඩම් වහාම නැවත අත්පත් කරගැනීමට ඉතා කඩිනමින් ක්‍රියා කළ යුතු බවට දැඩි සේ අවධාරණය කර සිටිති.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka