gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩොලර් බිලියන හයක් අතුරුදන්.. කවුරුහරි ඒවා හොරකම් කරලා..- ඇමති විජේපාල

දේශීය වත්කම් ලෙස ඇස්තමේන්තු කර තිබූ ඇමරිකානු ඩොලර් කෝටි 600ක මුදලක් අතුරුදන් වී ඇති බවත්, එය යම් පිරිසක් විසින් අත්පත් කරගෙන ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය.

මෙම අදහස් පළ කිරීම සිදු කළේ කොළඹදී අද දින විවෘත කරන ලද අපරාධයකින් උපයාගත් දේ විමර්ශන කොට්ඨාශයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රට විසින් ඇමරිකානු ඩොලර් බිලියන 8ක ව්‍යාපෘති ණය ලබාගෙන තිබුණද, පවතින වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 2කටත් වඩා අඩු මට්ටමක පවතින බවයි.

අපරාධයකින් උපයාගත් දේ පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම තුළින් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට හැකි වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka