ලක්මාලි අධිකරණයට අපහාස කර නෑ.. එය පරිපාලන සාකච්චාවක්..- අධිකරණ ඇමති
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය අධිකරණයට අපහාසයක් ලෙස තමා නොසලකන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.
කොළඹ පැවති පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි විවේචන එල්ලවීමෙන් පසුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.
ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වූයේ, නාරාහේන්පිට පිහිටි ඉඩමකින් අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා වූ අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකරන ලෙස මන්ත්‍රීවරිය එම රැස්වීමේදී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටීම හේතුවෙනි.
මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මෙසේ පැවසීය.
“ඇය පැවසූ දේ අධිකරණයට අපහාසයක් යැයි මම හිතන්නේ නැහැ. ඇය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මැදිහත් වූ බවට මම විශ්වාස කරන්නේ නැහැ. එය පරිපාලන සාකච්ඡාවක්.”
ලක්මාලි අධිකරණයට අපහාස කර නෑ.. එය පරිපාලන සාකච්චාවක්..- අධිකරණ ඇමති
2025-10-20T23:06:00+05:30
Gossip Lanka Hot News






