gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුස්ලිම් සංස්කෘතික අංග සලකා හෙද නිල ඇඳුමේ කෙරෙන සංශෝධනවලට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ හෙද සංගමය එරෙහි වෙයි!

රජයේ රෝහල්වල හෙද නිලධාරින්ගේ හෙද නිල ඇඳුම කිසියම්  ආගම් හා සංස්කෘතීන් අනුගමනය කරන පුද්ගලයින් ගැන සිතා වෙනස් කරන්නේ නම් එයට එකඟ නොවන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සභාපතිත්තවය දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය  ඇමතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

නිසි ප්‍රමිතියකින් යුතුව ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව නිර්මාණය කරන ලද හෙද නිල ඇඳුම කිසියම් අගමක් හෝ සංස්කෘතියක් අදහන අය වෙනුවෙන් වෙනස් කල යුතු බව රජයේ වගකිවයුුතු ඇමතිවරයෙක් ප්‍රකාශක කර තිබන බවට වාර්තා පළ වි ඇතැයි සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අත්සනින් යුතුව ඇමතිවරයාට යොමුකළ  ලිපියේ සඳහන් කර තිබේ.

මේ අනුදමින් හෙද සාත්තුවද වෙනස් කළ යුතු බවට කවුරුන් හෝ යෝජනා කළහොත් එයද කළ යුතුව වනු ඇති බව ආනන්ද හිමියෝ සිය ලිපියේ සඳහන් කර තිබේ.

කිසියම් කෙනෙකුගේ ඉල්ලිම මත හෙද නිල ඇදුම වෙනස් කිරීමට පෙර හෙද සංගමය සමඟ සාකච්ඡා කර නිගමනයන්ට එළඹෙන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සිය ලිපියේ සඳහන් කර ඇත.

කෙසේ වෙතත්  සමස්ත ලංකා ජමෙයිතුල් උලමා ඇතුළු මුස්ලිම් සිවිල් සමාජ 15ක් සමග විදේශ කටයුතු ඇමති විජිත හේරත්  පසුගිය 23 දා පැවැත්වූ සාකච්ඡාවක දී විදේශ කටයුතු ඇමතිවරයා පෙන්වා දුන්නේ හෙද වෘත්තියේ දී මුස්ලිම් සංස්කෘතිය අනුව හිස් වැසීම හෝ පාදය වැසෙන ඇඳුමකින් සැරසීමේ නෛතික බාධාවක් නොමැති බවය.
එම අදහසට  විරෝධය පා රාජඨ සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය ඇමතිවරයා වෙත යැවූ  ලිපිය පහත දැක්වේ



gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka