gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහ බැංකු අධිපතිගේ ගමේ ගෙදර බැංකුවකට බදු දීලා… කොළඹ ගේ මහ බැංකුවේ ප්‍රොජෙක්ට් එකකට දීලා…!

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට අයත් දික්වැල්ලේ සහ කොළඹ 02 පිහිටි නිවාස දෙකක් කුලියට දී ඇති ආකාරය නිසා ළබැඳියාවන් අතර ගැටුම් මතුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. “මෙයාට තියෙනවා දික්වැල්ලෙ ගොඩනැගිල්ලක්. මෙයා දික්වැල්ලෙ ජන්ම ලාභය ලබපු කෙනෙක් බව දන්නවානෙ, නන්දලාල්. මේ තියෙන්නෙ ඒක NSB ශාඛාවක්. මහ බැංකු අධිපති තමයි සාමාන්‍යයෙන් බැංකුවල නියාමකයා. බැංකු පිළිබඳ වගකියන රාජ්‍ය ආයතනයේ ප්‍රධානියා, එයාගෙ දික්වැල්ලෙ බිල්ඩින් එකක් දෙනවා NSB එකට. ඉතින් ඒක බැඳියාවන් අතර ගැටුමක් නෙවෙයිද ? මේක බිල්ඩින් එකක් කිව්වට ගෙයක්. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ශාඛාව. මේ බිල්ඩින් එකක් කිව්වට එයාගෙ ගේ. එතකොට මේ ගේ NSB එකට කුලියට දුන්නාම බැඳියාවන් අතර ගැටුමක් නෙවෙයිද ? බැංකුවකට හරියන තැනකුත් නෙවෙයි ඒක. ඒත් NSB එකට බෑ කියන්න බැහැනෙ, ඒගොල්ලොන්ගෙ රන් දෙවොලෙ ලොක්කානෙ කියන්නෙ මේක ගනිං කියලා. මොනවා වුණත් ගන්න වෙනවා.

ඒ විතරක් නෙවෙයි, මෙතුමා මේ ළඟදී දානවා මහබැංකුවේ මානව සම්පත් කළමනාකරණය ගැන උපදේශනය පිළිබඳ කොන්ත්‍රාතුවක්. දැන් මානව සම්පත් කළමනාකරණයක් මෙච්චර කල් මහබැංකුවේ වෙලා නෑ ? ඉතින් එයාට ඕනෙ වෙනවා මේකට හොඳ උපදේශනයක් ගන්න, ඒකට කොන්ත්‍රාතුවක් පිරිනමනවා. ඒක ගන්නෙ මැලේසියාවේ නෙගාරා මහබැංකුවේ හිටපු විධායක අධ්‍යක්ෂකවරයකු වන නන්දලාල් මහත්තයාගේ කුළුපග මිත්‍රයකු වන මොහොමඩ් අදාරි බෙලාල්ඩීන්. එයා තමයි ඒ කොන්ත්‍රාතුව ගන්නෙ. රුපියල් මිලියන 400ක කොන්ත්‍රාතුවක් මේක ඈ … මැලේසියාවේ නෙගාරා මහබැංකුවේ හිටපු විධායක අධ්‍යක්ෂකවරයකු වන මොහොමඩ් අදාරි බෙලාල්ඩීන් මේක අරගෙන, එයා එවනවා දෙන්නෙක්ව.

කනිෂ්ට උපදේශකයින් දෙන්නෙක් එවනවා මේක ගැන වාර්තාව හදන්න. ඒ එක්කෙනෙක් ටී. යූ. ජීන් මහත්මිය. අනිත් එක්කෙනා ඉක්සාල් මහත්තයා. දැන් මේ දෙන්නා නතරවෙලා ඉන්නෙ කොහෙද ? මේකත් NSB එකට වෙච්ච වැඩේම තවත් එකක්. මහ බැංකු අධිපතිවරයාට තියෙනවා කොළඹ 02, කැපිටල් ට්වින් පීක්ස් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ ගෙයක්. ඒ ගෙදර තමයි මේ දෙනා නතරවෙලා ඉන්නෙ. එතකොට අර මිලියන 400න් අර දෙන්නා නතරවෙලා ඉන්න ගෙදරට යන කුලියත් එන්නෙ නන්දලාල්ට. මෙහෙම කෙනෙක්නෙ මේ හොඳම මහබැංකු අධිපති කියලා සම්මානයක් ලබලා තියෙන්නේ.”

විමල් වීරවංශ මේ බව පැවසුවේ ඊයේ (29) පැවති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.
-emanisa
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka