gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැවති මූසල මුස්පේන්තු අඳුරු යුගය අවසන් කලා.. ජනතාව එහි ප‍්‍රතිඵල දැන් භුක්ති විදිනවා..- කොට්ටච්චි

රටේ පැවති මූසල මුස්පේන්තු අඳුරු යුගය මේ වන විට පහව ගොස් ඇති බවත්, එම ක්‍රියාවලට සම්බන්ධ වූවන් දැන් එහි ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කළාය.

මන්ත්‍රීවරිය සිය කතාව ආරම්භයේදී පැරණි ජන වහරේ කියමනක් සංශෝධනය වීම පිළිබඳව අදහස් දැක්වීය. “පනින්න පෙර සිතා බලන්න” යන කියමන පසුගිය ආණ්ඩුව පැවති කාල පරිච්ඡේදය තුළ “ගිලින්න පෙර හිතා බලන්න” යන මට්ටමට වෙනස් වූ බව ඇය සඳහන් කළාය.

මෙම වෙනසට හේතු වී ඇත්තේ, බොන බෙහෙත් පෙත්තේ සිටම මහජනතාවට සෞඛ්‍ය සේවාව පිළිබඳව පැවති විශ්වාසය බිඳ වැටීම බවත්, මේ හේතුවෙන් ජනතාවට ඖෂධ “ගිලින්න පෙර හිතා බලන” තත්ත්වයක් උදා වූ බවත් මන්ත්‍රීවරිය පැහැදිලි කළාය.

මන්ත්‍රීනී කොට්ටහච්චි මහත්මිය පෙන්වා දුන්නේ රටේ සිදුවන අපරාධ අතර “සුදු කරපටි අපරාධ” පවතින බවයි. මෙහිදී, පුද්ගලයන් තමන්ගේ උගත්කම, රාජතාන්ත්‍රිකභාවය සහ තනතුර උපයෝගී කරගෙන, තමන්ටත් නොදැනෙන පරිදි සමාජයට දරුණු ගණයේ අපරාධ සිදුකරන බව ඇය කියා සිටියාය.

එවැනි අපරාධ සිදුකිරීමට තරම්, රටේ සෞඛ්‍ය සේවා තුළත් දේශපාලනමය වශයෙන් තීන්දු තීරණ ගත් දේශපාලන අධිකාරිය ඉතා සූක්ෂමව කටයුතු කර ඇති බව ඇය වැඩිදුරටත් පැහැදිලි කළාය.

කෙසේ වෙතත්, මේ වන විට එම ක්‍රියාවලට සම්බන්ධ වූවන් එහි ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින බව මන්ත්‍රීවරිය පෙන්වා දුන්නාය.

එම දේශපාලනික තීන්දු තීරණ වලට අනුබල දුන් සහ පහසුකම් සැපයූ රාජ්‍ය නිලධාරීන් පවා නීතියට අනුව එහි ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින බව ඇය සඳහන් කළාය.

ජනතාව විසින් රට නැවත ගොඩනැඟීමට ජනවරමක් ලබා දී ඇති අතර, එහි එක් කොටසක් ලෙස සෞඛ්‍ය සේවාව ගුණාත්මක තත්ත්වයට පත් කිරීම සැලකෙන බව මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

වර්තමාන ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූ පරිදි ගුණාත්මක සෞඛ්‍ය සේවා සපයන අතරේදී, එහි ප්‍රගතිය ලෝකය විසින් ද පිළිගෙන ඇති බව ඇය අවධාරණය කළාය. ඒ සඳහා සාක්ෂියක් ලෙස, පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපීය සමුළුවේ සභාපතිත්වය වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාට ලැබීම ඇය පෙන්වා දුන්නාය.

මෙම සභාපතිත්වය ලැබීම අපේ රටේ දවසින් දවස හිස ඔසවන ජනතාවගේ විශ්වාසය සමඟ සෞඛ්‍ය සේවාව නැවත ගුණාත්මක තත්ත්වයට තල්ලු වන ගමනේදී, ලෝකය ගෝලීය වශයෙන් එය පිළිගන්නා බවට සාක්ෂියක් බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටියාය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka