gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බලශක්ති ඇමති හා අමාත්‍යංශ ලේකම් ගැටේ.. සේවා දිගුව එක පෑන් පාරින් අවලංගු කරයි…

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංයේ ලේකම්වරයා අතර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විදේශ ගතව සිටින කාලයේදී ඔහුට නොදන්වා ලේකම්වරයා ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ එච්.පී. නිරෝෂන් මහතාට සේවා දිගුවක් ලබාදී තිබේ.

ලේකම්වරයා එම සේවා දිගුව ලබාදෙමින් ලිපියේ සඳහන් කර ඇත්තේ බලශක්ති අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම පත්වීම සිදුකරන බවයි.

එහෙත් දිවයිනට පැමිණි පසු ඒ බව දැන ගත් බලශක්ති අමාත්‍යවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම පත්වීම අවලංගුකර තිබේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka