gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ මොළකරු සෙවීම අසීරු බව ජනාධිපති දැන් කියනවා.. කලින් ඒක දැනගෙන සිටියේ නැද්ද..

මෙරට තිබෙන සංස්කෘතිය විනාශ කරමින් ජවිපෙ සංස්කෘතියක් ගෙන ඒමට ආණ්ඩුව සූක්‍ෂම ලෙස කටයුතු කරන බවත්, සමගි ජනබලවේගය ඊට දැඩි විරෝධය පළකරන බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. එහි ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද කීය.

“ජාතික ජනබලවේග රජයක් තුළින් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සෙවීම කඩිනමින් සිදුකරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනතාවට පොරොන්දුවක් ලබා දුන්නා. නමුත් ජනාධිපති අනුර දිසානායක මහතා එම ප්‍රකාශය සිදුකර මේ වනවිට වසරක් ගතවී ගොස් තිබෙනවා.

කෙසේ නමුත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සෙවීම හිතපු තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ජනාධිපති අනුර දිසානායක මහතා ඇමරිකාවට ගොස් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ වගේම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සෙවීම පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත් නමුත් එම පරීක්ෂණ සිදු කරගෙන යාම පහසු නැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයන බව කියා අවසානයේ කාදිනල් හිමියන්, කතෝලික ජනතාව සහ රටේ සමස්ථ ජනතාව රවට්ටන්න ආණ්ඩුව කටයුතු කළා.

කෙසේ නමුත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සෙවීම අසීරු කාර්යයක් බව ජනාධිපතිවරයා දැනගෙන සිටියේ නැද්ද? අවසානයේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සෙවීමේ කතා බහ දැන් ටිකෙන් ටික අඩුවෙමින් තිබෙනවා”

අකිත පෙරේරා
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka