වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා සිය රාජකාරී කාමරය තුලදී වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි වෙඩික්කරුවන් ඒ සදහා යතුරු පැදි දෙකක් භාවිතා කර ඇති බවට සී.සී.ටී.වී කැමරා දර්ශන ඔස්සේ තහවුරු කර ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
මෙම ඝාතනයෙන් පසු ඔවුන් වැලිගම ප්‍රාදේශිය සභාව අසල සීට යතුරුපැදියක නැගී පලා ගිය ද අතරමග දී ඔවුන් යතුරුපැදි දෙකකින් පලා යන අයුරු දැක ගන්නට තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
වැලීගම දෙස සිට මාතර දෙසට පැමිණී එම ඝාතකයන් දෙදෙනා අකුරැස්ස හරහා ගාල්ල දෙසට පලා ගොස් ඇති බව ද මේ වන වීට සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.
වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ මහජන දිනයේ දී ඝාතකයා ඒ තුළට ඇතුලු වී ඇත්තේ නිවාස සැලසුමක් අනුමත කර ගැනීමේ මුවාවෙන් බවද කියති.
ඒ සදහා ඔහු ලිපි ගොනුවක් රැගෙනවිත් ඇති අතර එම ලිපි ගොනුව තුල වෙඩි තැබීමට යොදා ගත් පිස්තෝලය සගවා ගෙන එන්නට ඇති බවට ද පොලීසිය සැක කරයි.
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)