gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කජ්ජාගේ මැරූ පසු පවුලගේ ගිනුමට මුදල් දැමූ බව බැකෝ සමන් පිළිඅරගෙන

කජ්ජා ඝාතනයෙන් පසුව එහි වගකීම භාරගැනීමට තවත් අපරාධකරුවන් පිරිසක් සූදානමින් සිටියද දරු දෙදෙනාද එහිදී ඝාතනය වීමෙන් පසුව ඔවුන් එහි වගකීම භාරනොගත් බව බැකෝ සමන් නැමැත්තා පවසා තිබේ.
ඒ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය ඔහුගෙන් රඳවාගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීම් අතරතුරදීය.

සිය මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් හෙළිකිරීම හේතුවෙන් කජ්ජා ඝාතනය කළ බව සැකකරු එහිදී පවසා ඇත.

තමාට එල්ලවන චෝදනාවලින් බේරීම සඳහා තමා කජ්ජාගේ බිරියගේ බැංකු ගිනුමකට රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් බැර කළ බවත් බැකෝ සමන් පිළිගෙන තිබේ.

එමගින් කජ්ජාගේ පවුලේ උදවිය සමග සබඳතාවක් ඇති කරගැනීමට තමන් උත්සාහ කළ බවද ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.

තමන්ට කජ්ජාගේ දරු දෙදෙනා ඝාතනය කිරීමට කිසිඳු උවමනාවක් නොවූ බවද එහිදී බැකෝ සමන් පවසා ඇති බව වාර්තා වේ.

මේ අතර කජ්ජා ඝාතනය සම්බන්ධයෙන් තමන් කිසිවක් දැන නොසිටි බව සම්පත් මනම්පේරිද විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබේ.

ඔහු බැකෝ සමන්ගේ උපදෙස් මත ඝාතනයක් සඳහා ගිනිඅවි ලබා දුන්න ද ඒවා ලබාදුන්නේ කජ්ජා ඝාතන කිරීමට බව නොදැන සිටි බව ද සැකකරු පැවසූ බව පොලිසිය සඳහන් කළේය.


සම්පත් මනම්පේරි සිදුකරන ප්‍රකාශ තහවුරු කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය පැවසුවේය.

එමෙන්ම කජ්ජා ඝාතන කළ කාල වකවානුව තුළ සම්පත් මනම්පේරිගේ දුරකතන දත්ත වාර්තාවක් ද ලබාගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් කජ්ජා ඝාතන කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු දේශපාලකයෙකුගේ මැදිහත්වීමක් සිදුව ඇති බවට අනාවරණ වී නොමැති බව වාර්තා වේ.

මූලාශ්‍රය – අරුණ
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka