gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉෂාරා සෙව්වන්දි ගැන විමර්ශනවලදී පාස්කු ප්‍රහාරයේ කොණකුත් එළියට

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා බෝට්ටුවක් සැපයූ පුද්ගලයාගේ කිලිනොච්චිය ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් සහජීව උණ්ඩ සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

කොළඹ – නුවර මාර්ගයේ තිහාරිය, ඕගොඩපොළ ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් අන්තෝනි පිල්ලේ ආනන්දන් නැමැති සැකකරුගෙන් පැය 72ක කාලයකට රැඳවුම් නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු මත එම ගිනි අවි සහජීව උණ්ඩ සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

2019 වසරේ අප්‍රේල් මස 19 වෙනි දින සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු ද මුහුදු මාර්ගයෙන් පලා යාමට අවශ්‍ය කටයුතු මෙම සැකකරු විසින් සිදුකර ඇති බවට ද තොරතුරු අනාවරණය වන බවත් ඒ සම්බන්ධයෙන් ද විමර්ශන කටයුතු සිදු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ‘නෙත් නිවුස්’ වෙත පවසා තිබේ.

මෙම සැකකරු ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරිය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලායාමට දැනට විදෙස් ගතව සිටින මොහොමත් රිස්වි නොහොත් “සිලෝන් බායි” යන පුද්ගලයාගේ උපදෙස් මත බෝට්ටු පහසුකම් ලබාදුන් බවටයි අනාවරණය වී ඇත්තේ.

ඉෂාරා සෙව්වන්දී නැමැති සැකකාරියට මුහුදු මාර්ගයෙන් ඉකුත් මැයි මස 08 වන දින ඉන්දියාවට පලායාමට අවශ්‍ය කටයුතු සිදු කර දුන් පුද්ගලයා වන සැකකාර අන්තෝනිපිල්ලේ ආනන්දන් නැමැත්තාගේ උපදෙස් මත එසේ විදේශ ගතවන තෙක් මැයි මස 06 වන දින දක්වා කිලිනොච්චිය උදේනගර් බටහිර ප්‍රදේශයේ නිවසක අත්අඩංගුවට ගෙන සිටින පෙරුමාල් සත්තකේෂන් නැමැත්තා නවාතැන් පහසුකම් සපයාදී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

(source – neth news)
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka