gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පන්නන්න තරම් අවුලක් මේ ආණ්ඩුවේ නෑ.. සුළු වැරදි තිබුණද ඒවා සාපරාධී නෑ..- රන්ජන් (Video)

වත්මන් පාලනය කෙරෙහි තමාගේ විශ්වාසය සියයට සියයක්ම පවතින බව ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායක මහතා පවසයි. මාධ්‍යවේදීන් සමඟ අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ, යකෙක් හෝ පැමිණ මේ රට ගොඩනඟන්නේ නම් ඊට සහයෝගය දෙන බවයි.

අනෙකුත් රජයන් හා සැසඳීමේදී වත්මන් පාලනය පෙරළා දැමීමට තරම් වරදක් කර නොමැති බව රාමනායක මහතා පෙන්වා දෙයි. ඔහු පවසන අන්දමට මේ වන විට දූෂණය අවම මට්ටමක පවතින අතර, සොරකම් කළ පුද්ගලයන් නීතිය හමුවට ගෙන යමින් සිටියි.

අපරාධවලට සම්බන්ධ වත්කම් රාජ්‍ය සන්තක කිරීමේ පනත ක්‍රියාත්මක වීම හේතුවෙන් සොරකම් කළ පුද්ගලයන් අත්අඩංගුවට පත්වන බවත්, එමගින් භාණ්ඩාගාරයට විශාල මුදලක් ලැබී ඇති බවත් ඔහු සඳහන් කරයි. යහපාලන සමයේදී පවා මහ බැංකු සිද්ධියක් වූ බව සිහිපත් කරන ඒ මහතා, වත්මන් ආණ්ඩුවේ යම් සුළු වැරදි තිබුණද ඒවා සාපරාධී මට්ටමේ දේවල් නොවන බව අවධාරණය කරයි.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka