gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අධිවේගයේ වාහනවල සියල්ලන්ට සීට් බෙල්ට් අනිවාර්ය කරයි.. අලුත් නීතිය නොදැන අමාරුවේ වැටෙන්න එපා..

අධිවේගී මාර්ගවල සිදු වන රථවාහන අනතුරු දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මරණ සහ බරපතල තුවාල සිදුවීම් අවම කිරීම පිණිස අංක 2455/29 හා 2025-09-25 දිනැති අති විශෙෂ ගැසට්‌ නිවේදනය මඟින් (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ සාදන ලද 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරනු ලැබ ඇත.

එමඟින්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහන වල සියලුම ආසන වල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබේ.

ඒ අනුව, එකී සංශෝධිත නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka