gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රී වැටුප් සහ දීමනා පක්ෂ අරමුදල්වලට බැර කිරීම නතර කිරීමට දයාසිරිගෙන් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

දේශපාලන පක්ෂ මහජන නියෝජිතයන්ගේ වැටුප් දීමනා සහ වාහන බලපත්‍ර ආදිය එම පක්ෂවල අරමුදල්වලට බැර කර ගැනීම නතර කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත.

මහජන නියෝජිතයන්ගේ මාසික වැටප් දීමනා සහ වාහන බලපත්‍ර ආදිය පක්ෂවලට ලබා ගැනීම මහජන නියෝජිතයන්ගේ ස්වාධීනත්වය අහෝසි වන ක්‍රියාවලියක් වන හෙයින් එය ප්‍රජාතන්ත්‍රවාදයටද අභියෝගයක් බව යෝජනාවේ සඳහන්වේ.

පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇති මෙම යෝජනාව ඉදිරි දිනක විවාදයට ගැනීමට නියමිතය. 
(සුජිත් හේවාජුලිගේ – ලංකාදීප )
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka