gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජපානයේදී ගිවිසුම් අත්සන් කර ඇත්තේ කොළඹ සිටින ජපාන තානාපති එක්ක.. ජපාන ඇමතිලා, ලේකම්ලා කිසිවෙක් නෑ…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කරන ලද ජපාන සංචාරයේදී රාජ්‍ය මුදල් අවභාවිතාවක් සිදුකර ඇතැයි හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි. දෙරණ රූපවාහිනියේ පැවැති වාද පිටිය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කරන ලදී.

ජනාධිපතිවරයා ජපානය සංචාරයේ යෙදුනේ එරට භාරකාර රජයක් ක්‍රියාත්මක වන අවස්ථාවක බවත් එහිදි අත්සන් තබන ගිවිසුම් නීතිමය වලංගුභාවයක් නොමැති බවත් ඔහු චෝදනා කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා එරටදී සහභාගි වූ නිල ගිවිසුම් අත්සන් තැබීමේදී අත්සන් තබන ලද ගිවිසුම් දෙකටම ජපාන පාර්ශවයෙන් අත්සන් තබන ලද්දේ ජපානය විසින් කොළඹට පත් කර සිටින තානාපතිවරයා විසින් බවටත් ජපාන රජයේ කිසුදු ඇමතිවරයෙක් හෝ ලේකම්වරයෙක් අත්සන් තබා නැති බවත් ඔහු පැවසුවේය.

ඒ ආකාරයේ ගිවිසුම්ගත වීමක් සඳහා කොළඹ සිටින තානාපතිවරයා ජපානයට ගෙන යාමේ උවමනාවක් නැති බවත් විජිත හේරත් අමාත්‍යවරයාට සහ ජපාන තානාපතිවරයාට කොළඹදී අත්සන් කරගැනීමේ හැකියාව තිබුණු බවත් ඔහු සඳහන් කළේය.
-lankacnews

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka