දේශපාලන අධිකාරියෙන් බලපෑම් එල්ල වී තිබූ හේරත්ගම වන අඩවි කාර්යාලයේ ස්ථානභාර නිලධාරීවරයා ලෙස රාජකාරි කළ චතුර ගුණරත්නට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත් එම නිලධාරියාව යළි කහල්ල – පල්ලේකැළේ රක්ෂිත කලාපයට අනුයුක්ත කරන ලෙස එම ප්‍රදේශයේ ජනතාව ඊයේ පොල්පිතිගම ප්‍රදේශිය ලේකම් කාර්යාලයටද පැමිණ ඉල්ලීමක් කර තිබුණා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි කහල්ල – පල්ලේකැළේ රක්ෂිත කලාපයට අයත් හක්වටුණා ඔය වැව් රක්ෂිතයේ ජල පෝෂක ප්‍රදේශයේ ඇතැම් ස්ථාන විවිධ පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් අනවසරයෙන් අත්පත් කරගෙන සිටින බවට හිරු ප්‍රවෘත්ති පසුගිය අගෝස්තු 20 වැනිදා රට හමුවේ අනාවරණය කළා.
වැව් රක්ෂිතයේ ඇතැම් ස්ථාන අනවසරයෙන් අත්පත් කරගෙන සිටින එම පුද්ගලයින්ට එරෙහිව, හේරත්ගම අඩවිය භාර වනජීවි නිලධාරීන් නීත්‍යානුකුලව පියවර ගෙන තිබූ අතර, එම නිලධාරීන්ට දේශපාලන අධිකාරියෙන් බලපෑම් එල්ලවීමත් සමග හේරත්ගම අඩවියේ ස්ථාන භාර නිලධාරී චතුර ගුණරත්න එම අඩවිය අතහැර යාමට තීරණය කර ඇති බව වාර්තා වේ.
අදාළ ගැටලුව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කළ ගම්වැසියන්ට එරෙහිවද පිරිසක් පන්සියගම පොලිසියට පැමිණිලි කර තිබූ අතර, ඒ අනුව පසුගිය 24 වැනිදා එම ගම්වාසීන් පොලිසියට කැඳවා තිබුණේ, විමර්ශනයක් සඳහායි.
හේරත්ගම අඩවියේ ස්ථානභාර නිලධාරීවරයා රාජකාරි සිදුකරන ආකාරය පසුගිය දිනක කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ විවේචනයට ද ලක්ව තිබුණා.
එවන් පසුබිමක හේරත්ගම අඩවියේ ස්ථාන භාර නිලධාරී චතුර ගුණරත්නට කුරුණෑගල වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත් එම නිලධාරියාව යළි කහල්ල – පල්ලේකැළේ රක්ෂිත කලාපයට අනුයුක්ත කරන ලෙස එම ප්‍රදේශයේ ජනතාව අද පොල්පිතිගම ප්‍රදේශිය ලේකම් කාර්යාලයට පැමිණ ප්‍රාදේශිය ලේකම්වරයා හමුවී ඉල්ලිමක් කළා.