gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ශෂීන්ද්‍ර මේ වනවිට මියගොස් සිටිය යුතුයි” - පැමිණිල්ලේ තර්කයට අවසන් තුරුම්පුවත් යට වෙයි!

රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (12) නියෝග කළේය.

ඒ අනුව සැකකරුට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු ඉල්ලා සිටියේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා නින්දේදී එක් පැයකට තිස්පස් වතාවක් හුස්ම හිරවීමේ රෝගයක් පවතින බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස ගෙන ඇප ලබාදෙන ලෙසයි.

කෙසේවෙතත් ඊට පිළිතුරු ලබා දුන් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ පැයකට 35 වතාවක් හුස්ම හිරවෙන සැකකරු මාසයක් බන්ධනාගාරගතව සිටි බවත් රෝගය ඔය කියන තරම් බරපතල නම් මේ වනවිට මියගොස් සිටිය යුතු බවත්, එසේ එයින් ඔහුට බරපතල රෝගයක් පවතින බවට අල්ලස් කොමිසම විශ්වාස නොකරන බවත් සඳහන් කළේය. එසේ හෙයින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන ලෙසද ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මෛත්‍රාත්වරයා රෝගී තත්ත්වය පිළිබඳව ලිඛිත දේශන ගොනු කරනකරන ලෙසට දන්වා සිටියේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka