ක්ලබ් වසන්ත ඝාතනයට යොදා ගත් උන්ඩුවලත් `KPI’
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අපේක්ෂකයෙකු මෙන්ම හිටපු මන්ත්‍රීවරයෙකු වූ සම්පත් මනම්පේරි නමැත්තා විසින් වළ දැමූ බව කියන ආයුධ තොගයෙන් සොයාගත් ජීව උණ්ඩ අතර තිබී `KPI’ ලෙස සටහන් කර තිබූ උණ්ඩ කිහිපයක්ද සොයාගෙන තිබේ.
මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකින් රන් පැහැති T-56 මැගසින් එකක්, උණ්ඩ 115ක්, අත් බෝම්බයක් සහ පිස්තෝලයක් මෙලෙස පෙරේදා (21) සොයාගනු ලැබිණි.
සම්පත් මනම්පේරි නමැත්තාට අයත් මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකින් අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධියට අදාළව, මේ වනවිට ඔහු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටී.
ඔහුගේ ඉඩමෙන් සොයාගත් රන් පැහැති T-56 මැගසින් එකට සමාන රන් පැහැති T-56 අවියක් පසුගියදා හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී සොයාගත් අතර ඊට අදාළව හිටපු ඇමති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලදී. ඔහු මේ වනවිට සිටින්නේ ඇප මතය.
මීට පෙර ක්ලබ් වසන්ත ඝාතනය සඳහා යොදා ගත් උන්ඩුවලද සඳහන් කර තිබුණේ `KPI’ ලෙසය.