හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇත.
කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් නීතිවිරෝධී ලෙස රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධව අධිචෝදනා ගොනුකර ඇත.
රමිත් රඹුක්වැල්ලට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ මෙම නඩුව ඉදිරිපත් කර ඇත.