gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පද්මේගේ තොරතුරු මත පළමු කුළී ඝාතකයා අල්ලයි!

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (02) රාත්‍රියේ තලවකැලේ ආගරපතන හෝල්බෘක් ප්‍රදේශයේ දි පාතාලයේ මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මීතියාගොඩ ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතන ගණනාවකට අවශ්‍යව සිටි සැකකරුවකු බවත්, ඉන්දුනීසියාවේ සිට අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ පාතාලයේ නායකයින්ට මෙරට ඇතැම් පුද්ගලයන් සමඟ සම්බන්ධව වීමට අවශ්‍ය වට්සැප් තාක්ෂණය මෙම සැකකරු විසින් ලබා දී තිබු බවටත් කරුණු හෙළිව තිබේ.

සැකකරු ආගරපතන ප්‍රදේශයේ බිරිදගේ නිවසේ සිටියදි අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දුනීසියාවේදි අත්අඩංගුවට ගත් පාතාල නායකයින්ගේ දුරකථන විශ්ලේෂණ අනුවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 32 පමණ වයසැති අයෙකු බවත්, අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා ආගරපතන පොලිසිය වෙත භාර දී ඇති බවත් වාර්තා වෙයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka