gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සජිත් පාර්ලිමේන්තුවෙන් පඩි 2ක් අරන්.. වත්කම් බැරකම් ප්‍රකාශයෙන් හෙළිවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පොදු පරිහරණය සඳහා ප්‍රසිද්ධියට පත්කර තිබේ.

ඉතා විශාල ප්‍රමාණයක වත්කම් සහ බැරකම් එහි සඳහන්කර ඇති නමුත් එම වත්කම් බැරකම්වල නිසි වටිනාකම සඳහන්කර නොමැති බවට විවිධ සමාජ ක්‍රියාකාරීන් විසින් චෝදනා එල්ල කරයි.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා මන්ත්‍රීවරයෙකු ලෙස සහ විපක්ෂනායකවරයා ලෙස පාර්ලිමේන්තුවෙන් ලබාගන්නා වැටුප් දෙවර්ගයක තොරතුරු එහි සඳහන් කර තිබේ.









මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්කම් සහ බැරකම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ‘අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය’ නමැති සංවිධානය විසිනි.

එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ වත්කම් පිළිබඳ පූර්ණ විමර්ශනයක් ආරම්භ කර, අයථා වත්කම් උපයාගෙන ඇත්නම් නීතිය ක්‍රියාත්මක කොට දඬුවම් ලබා දෙන ලෙසයි.

එහි කැඳවුම්කරු කමන්ත තුෂාර මහතා පැවසූවේ විපක්ෂ නායකවරයාට අමතරව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ හිටපු අමාත්‍ය වාසුදේව සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ද පරීක්ෂා කරන ලෙස ඉල්ලා තම සංවිධානය විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති බවයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka