gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එල්.ටී.ටී.ඊ. යෙන් රට බේරාගන්න ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළ හිටපු නාවික හමුදාපති හිරේට යවා නාවික හමුදා බෝට්ටුවකින් ජනපති කච්චතිව් යනවා… නාමල් කියයි!

හිටපු නාවික හමුදාපතිවරයා සිරගෙට යවා නාවික හමුදා බෝට්ටුවකින්ම ජනපතිවරයා කච්චතිව් ගිය බවත්  ජනාධිපත්වරයාට  කච්චතිව් යන්නට නිදහස නිර්මාණය කර දුන්නේ රණවිරුවන්  බව සිහිපත් කරන්නට කැමැති බවත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ද ඇතුළු සියලු පක්ෂ වලට අද දේශපාලන පොරපිටියේ බල්ටි ගැසීමට හැකිව තිබෙන්නේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගෙන් යුද්ධය අවසන් කරදුන් නිසා බවය. එසේ නොවුනා නම් ජනපතිවරයාටද සිදුවන්නේ දකුණු ඉන්දීය නළු විජේ ගේ කතා අසා ෆිල්ම් එකක් බලාගෙන නිවසට වී ඉන්නට යැයි ද නාමල් පැවසුවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඊයේ  (02) මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සහ අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

නාමල් ඇතුළු පොදු ජන පෙරමුණේ ඉදිරි පෙළ නායකයින් මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් මුණ ගැසී තිබුණේ  හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීම ඔස්සේ ආණ්ඩුව රණවිරු දඩයමක් ආරම්භ තිබෙන බව කියන්නටය. මෙම කණ්ඩායමට මහානායක හිමිවරුන්ට දන්වා තිබුණේ මේ තත්ත්වය තුළ රටේ භයානයක වාතාවරණයක් ඇතිවිය හැකි බවය.

මහා නායකය හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මාධ්‍යය අමතා මෙසේ ද කීවේය.

“අද ජනතා විමුක්ති පෙරමුණද ඇතුළුව හැම පක්ෂයකටම දේශපාලන පොරපිටියේ බල්ටි ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ රණවිරුවන් යුද්ධය අවසන් කරලා නිදහස දිනා දීපු නිසයි. ඒ නිසා තමයි අද ජනාධිපති අනුර කුමාර දිසානායක කච්චතිව් ගියේ. නැත්නම් විජේ ගේ කතාව අහලා ෆිල්ම් එකක් බලාගෙන ගෙදරට වෙලා ඉන්න වෙනවා. එහෙම නැත්නම් කච්චතිව් වලට යන්න ප්‍රභාකරන් ගෙන් ඉන්විටේෂන් එකක් ගෙන්වා ගන්න වෙනවා. විශේෂයෙන්ම කච්චතිව් ආරක්ෂා කරන්නේ නාවික හමුදාවයි. නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරයා හිරගෙදර දාලා නාවික හමුදා බෝට්ටුවකින්මයි ජනපතිවරයා කච්චිතිව් ගියේ. ඒ ගිය එක ගැන සතුටු වෙනවා. එතුමාටත් කච්චතිව් යන්න නිදහස හදලා දුන්නේ රණවිරුවා කියලා මතක් කරන්න කැමතියි. “

“අද පැහැදිලිවම ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත උතුරේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සමරන්න අවස්ථාව තිබෙනවා. ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක වූ බව කිව්වත් තාමත් අත්අඩංගුවට ගැනීමක් සිදුවෙලා නැහැ. අනිත් පැත්තෙන් නාවික හමුදාපතිවරයා හඳුනා ගැනීමේ පෙරට්ටුවට ගෙනල්ලා එයාව අදුරගන්න එල්.ටී.ටී.ඊ ත්‍රස්වාති බුද්ධි අංශයේ කෙනෙක් දානවා. මේ කාරණ එක්ක නැවත වරක් 2015-20 කාල සීමාවේ දී වගේ මේ ආණ්ඩුවත් රණවිරුවා දඩයම් කරමින් ඩයස්පෝරාව සතුටු කරන්න අවශ්‍යය මාවතක යන බව අපි පැහැදිලිවම දකිනවා.”

“නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි කිසිදු ගැටලුවක් නැහැ. නමුත් නීතිය ක්‍රියාත්මක කරන්නේ දේශපාලන වුවමනාව ඉටුකර ගැනීමට නම් හෝ ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා.තමන්ගේ පක්ෂයේ වේදිකාවෙන් ගෙනා කෙනෙක් පත්කරලා මේ ආණ්ඩුව ඉතිහාසයේ පළමු වතාවට පොලිස් සේවයට අගෞරවයක් කළා. අමාත්‍යාංශ ලේකම් වරයා පත් කළෙත් තමන්ගේ දේශපාලන වේදිකාවෙන් ගෙනල්ලයි. මේ විදිහට පත් කිරීම් කරලා ආණ්ඩුවට අවශ්‍යය විදිහට පොලීසිය මෙහෙයවන්න උත්සහ කරනවා නම් ඒ කාරණයේ දී අපි විරුද්ධ වෙනවා. මේ රටේ ඉතිහාසය පිළිබඳ කැනීම කරනාවට වඩා වෙනත් කැනීම් වලට තමයි ආණ්ඩුවේ අවධානය යොමුවෙලා තිබෙන්නේ. මේ රටේ රණවිරුවා යුද අපරාධකරුවෙක් බව ඔප්පු කරන්න ආණ්ඩුව උත්සහා කරනවා නම් අපි ඊට එරෙහිව නැගී සිටිනවා.

“රනිල් අත්අඩංගුවට පත් වුණත් නැතත් එජාපය හා සමගි ජනබලවේගය එකතු විය යුතු බව මගේ පෞද්ගලික මතය යි. ඔවුන් අමනාප වී වෙන්ව සිටීම මේ රටේ ප්‍රජාත්න්ත්‍රවාදී දේශපාලනයට ගුණදායක නැහැ. පොහොට්ටුව හා ශ්‍රීලනිප එකතු වෙනවා නම් හොඳයි. එක මතවාදය ඉන්න දේශපාලන පක්ෂ එකතු වෙන්න ඕන. ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා. “

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී රත්නායක,සංජීව එදිරිමාන්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka