gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද රාජපක්ෂට කොළඹ, ලක්ෂ 4000 ක,සුපිරි නිවසක්!

තමන්ට නැවතීම සඳහා කොළඹ ප්‍රදේශයෙන් නිවසක් නැති බවට,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පුන පුනා ප්‍රකාශ කළ ද,එය අමූලික පට්ට පල් බොරුවක් බව,මේ වනවිට සාක්ෂි  හා සාධක ඇතිව පැහැදිලි වන කරුණකි. එනම්,මහින්ද රාජපක්ෂට සහ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට,ඉතාමත් සුව පහසුවෙන් ජීවත්වීම සඳහා,රුපියල් ලක්ෂ 4000 ක් පමණ වටිනා සුපිරි නිවසක්,ඔවුන්ට කොළඹින් තිබෙන බවට කරුණු අනාවරණය වෙයි.

එම නිවස ඔවුහු ලබාගෙන ඇත්තේ,කොළඹ මියුසියස් විදුහල අසල පදිංචි වී සිටින ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයකු වන,C.M.C. ආයතනයේ ප්‍රධානී,ප්‍රභාත් රවින්ද්‍ර නානායක්කාර ගෙනි.

එය ඔවුන්ට ලබා ගැනීම සඳහා අතරමැදියෙකු ලෙස කටයුතු කර ඇත්තේ,එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහය.

ඊට මූලික හේතුව වී ඇත්තේ,මෙම සුපිරි නිවසේ හිමිකරු වන ප්‍රභාත් රවින්ද්‍ර නානායක්කාර රනිල් වික්‍රමසිංහගේ හොඳම මිත්‍රයකු බැවිනි.

2001.12.05.පැවති  පාර්ලිමේන්තු මැතිවරණයෙන්,එවකට ජනාධිපතිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පරාජයට පත්වි,එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනු ලැබීය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්,රනිල් වික්‍රමසිංහගේ අගමැති ධූරයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහිවිය.ජනාධිපති ධූරය තවදුරටත් චන්ද්‍රිකා බණ්ඩාරනායක දැරූ අතර,පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත් වූයේ,මහින්ද රාජපක්ෂය.
එම අවස්ථාවේ තමන්ට,විපක්ෂ නායකවරයා වශයෙන්,නවාතැන් ගැනීම සඳහා කොළඹින්  නිවසක් ලබා දෙන ලෙස,මහින්ද රාජපක්ෂ, අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇත.

එහිදී රනිල් වික්‍රමසිංහ,තමන්ගේ හිතවතා වන කෝටිපති ව්‍යාපාරික ප්‍රභාත් රවින්ද්‍ර නානායක්කාරට,කතාකර,මහින්ද රාජපක්ෂට රජයෙන් නිල නිවසක් ලබා දෙනතුරු, තාවකාලික පදනම මත,ඔහු සතු නිවසක් ලබා දෙන ලෙස,ප්‍රභාත් රවින්ද්‍ර නානායක්කාර ගෙන් ඉල්ලීමක් කර ඇත.

ඊට ප්‍රතිචාර දක්වා ඇති,ප්‍රභාත් රවින්ද්‍ර නානායක්කාර තමන්ට අයත්,කොළඹ 5, ටොරින්ටන් මාවතේ,අංක 260/12,දරන ස්ථානයේ පිහිටි නිවස,මහින්ද රාජපක්ෂට තාවකාලික පදිංචියට ලබා දී ඇත.

කරුණු ඒක ආකාරයෙන් සිදු වුවද,වසර 2 ක් වැනි කෙටි කාලයක් ගත වූ තැන,රනිල් වික්‍රමසිංහගේ අගමැති ධූරයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව,2004 දී, බිඳවැටිණි.
ඉන්පසු,ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ නායකත්වයෙන් යුතුව, ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතිව සන්ධාන ආණ්ඩුවක් 2004.04.02.බිහිවිය.
ඉන් අනතුරුව,2005.12.16.පැවති ජනාධිපතිවරණයෙන්,මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්විය.

ඒ අතරතුරු තාවකාලික පදනම මත ලබා ගත් තමන්ගේ නිවස ආපසු ලබාදෙන ලෙස, කෝටිපති ව්‍යාපාරික ප්‍රභාත් රවින්ද්‍ර නානායක්කාර,මහින්ද රාජපක්ෂට නිරතුරුව දැනුම්දී ඇත. 

එහෙත් මහින්ද රාජපක්ෂ එය ප්‍රතික්ෂේප කර තිබේ.ඊට හේතු වශයෙන් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ,තමන් විපක්ෂ නායක, අගමැති සහ ජනාධිපති ධූරය දක්වා පැමිණියේ,මෙම නිවසේ සිට බැවින්,එය ඉතාමත් වාසනාවන්ත නිවසක් නිසා දීමට නොහැකි බවය.

එපමණක් නොව,මහින්ද රාජපක්ෂ සිය ජනාධිපති ධූරයේ බලතල අයුතු ලෙස භාවිතා කරමින්,ප්‍රභාත් රවින්ද්‍ර නානායක්කාරට, බලපෑම් එල්ල කරමින්,මෙම නිවස, බලහත්කාරයෙන්,2013.04.05.වැනිදා ඔප්පුවකින් ලියාගෙන ඇත.

එම ඔප්පුව ලියාගෙන ඇත්තේ තම බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ නමටය.ඇයගේ ප්‍රසිද්ධ නාමය එය වුවත්,අප්‍රසිද්ධ නම මේරි ලූඩ්ස් වික්‍රමසිංහය.රුපියල් ලක්ෂ 4000 ක් පමණ වන මෙම නිවස ලියාගෙන තිබෙන්නේ එම නමිනි.

මෙම නිවස,සිරිලිය ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 350 ක් ,වැය කර මිලදී ගෙන ඇති බවට,ඉඩමට අදාල ලේඛනවල සඳහන්ව ඇතත්,සත පනහක මුදලක් නිවස හිමි,ප්‍රභාත් රවින්ද්‍ර නානායක්කාරයට ලබාදී නැත.

මෙය තනිකරම,මහින්ද රාජපක්ෂ දේශපාලන බලය යොදා බලහත්කාරයෙන් ලියා ගත් දේපළකි.තංගල්ලේ පිහිටි කාල්ටන් මන්දිරයද මේ ආකාරයටම බලහත්කාරයෙන් ලබාගත් එකක් බවට ප්‍රකට කරුණකි.

තමන්ට නවාතැන් ගැනීම සඳහා කොළඹ සුපිරි නිවසක් තිබියදී,කිසිදු නිවසක් හෝ දේපලක්, කොළඹ නැති බවට,මහින්ද රාජපක්ෂ සහ ඔහු වටා පෙළ ගැසී සිටින ගෝල බාලයින් කරන ලද ,ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මේ කරුණු වලින් සනාථ වන දෙයකි.

එපමණක් නොව,මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ, C.S.N . නෙට්වර්ක් යනුවෙන් මාධ්‍ය ජාලයක්,කාල්ටන් ස්පෝර්ස් නෙට්වර්කස් ප්‍රයිවට් ලිමිටඩ් හරහා ආරම්භ කළ අතර, එය ලියාපදිංචි කර ඇත්තේ ද මෙම නිවසේ ලිපිනය යොදා ගෙන 2011.05.04.වැනිදාය.

මෙම ආයතන වලට සම්බන්ධව ප්‍රධානීන් ලෙස කටයුතු කළ,මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ‍ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි,සචින් වාස් ගුණවර්ධන හා අර්ජුන රණතුංගගේ සහෝදරයා වන නිශාන්ත රණතුංග,කාල්ටන් ස්පෝර්ස්  ආයතනයට,ඔරික්ස් ලීසින් පිනෑන්ස් සමාගමේන් රුපියල් කෝටි 5ක,ණය මුදලක් ලබාගෙන, ඇත්තේද,මෙම නිවසේ ලිපිනය යොදාගෙනය.

සමස්තයක් වශයෙන් ගත් කළ ,මේ සියලු කරුණු කාරණා අධ්‍යනය කිරීමේදී,පෙනී යන්නේ,මහින්ද රාජපක්ෂට,ශිරන්ති රාජපක්ෂට,හා පවුලේ අයට,කොළඹ නැවතීම සඳහා සුපිරි නිවසක් තිබෙන බවය.

එවැනි පසුබිමක් තුළ,තමන්ට කොළඹින් නිවසක් නැතැයි කියමින්,මහජනතාවත්,රටත්, මුලා කරමින්,මහින්ද රාජපක්ෂ කටයුතු කිරීම මොනතරම් අසෝභන තත්ත්වයක්ද යන්න මේ කරුණු තුළින් මනාව පැහැදිලි වනු ඇත.

මහින්ද රාජපක්ෂලාට තවදුරටත් ආවඩමින් ඔවුන් පසුපස යන මහජනතාව මේවා කවදා තේරුම් ගනීද යන්න බරපතල ප්‍රශ්නයකි.

සටහන :- ශ්‍රී ලාල් ප්‍රියන්ත
FB : ethalayanews.com




gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka