ඇල්ල වැල්ලවාය ප්‍රපාතයට පෙරලුන් බස් රථයේ තිරිංග ක‍්‍රියා විරහිත වූ බව රියැදුරා පැවසුවේ යැයි එම බස් රථයේ ගමන් කර දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයකු සඳහන් කරයි.
තමන් රියදුරු ආසන්නයේ එන්ජින් කවරය ගමන් කල බවත් තිරිංග ක්‍රියා විරහිතව ඇති බව පැවසුවද අනෙක් අය එය එතරම් නොතකු බවත් ඔහු පැවසුවේය.
නමුත් රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වූ බවත් ඉන් අනතුරුව ඉදිරියෙන් පැමිණි ජීප් රථයේද වැදී බස් රථය ප්‍රපාතයට පෙරළී ගිය බවත් ඔහු සඳහන් කළේය.
තමන්ද සිහිසුන්ව සිටි බවත් සිහිය පැමිණි පැමිණියේ රෝහල් ගත කලාට පසු බවත් හෙතෙම තවදුරටත් සඳහන් කරයි.