gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බොරු බෙහෙත් සැපයූ කෙහෙළිය ඇතුළු කණ්ඩායම මෙන්න

ප්‍රමිතියෙන් තොර බොරු එන්නත් මිලදී ගෙන මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදුන්නේය.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ලෙස හදුන්වන ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් සාපරාධි සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් අධිචෝදනා 13ක් විත්තිකරුවන්ට එල්ල කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන් වන්නේ,

*ප්‍රශ්නගත ඖෂධ සමාගමේ හිමිකරු සුදත් ජනක ප්‍රනාන්දු

*වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක

*වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්

*වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී නෙරාන් ධනංජය

*වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක සුජිත් කුමාර

*සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත

*වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ධර්මසිරි රත්නකුමාර හේරත්

*හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

*හදිසි ප්‍රසම්පාදන ක‍්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය

*‍සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක

*වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන

*‍ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka