වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබානොදුන් රාජ්‍ය නිලධාරීන්ගේ ලැයිස්තුවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය වෙබ් අඩවියේ පළ කර ඇත. එම නිලධාරීන් අතර හිටපු අමාත්‍යවරයෙක්, හිටපු පළාත් ආණ්ඩුකාරවරුන් 4ක්, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 6ක්, හිටපු තානාපතිවරුන් 29ක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඇතුළත් වේ.
හිටපු අමාත්‍යවරයා වන්නේ, හිටපු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද වන අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන්නේ, ලොහාන් රත්වත්තේ, තාරක බාලසූරිය, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ සුරේන් රාඝවන්ය.
හිටපු ආණ්ඩුකාරවරුන් වන්නේ, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, සෙන්තිල් තොන්ඩමන්, නවීන් දිසානායක සහ විලියම් ගමගේය.