gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇල්ල අනතුරේදී බසයේ හැපුණු ජීප් රියේ ඩෑෂ් කැමරාව භාර දෙන්නැයි නියෝග!

මගීන් 15 දෙනකු ඇතුළු 16 දෙනකුට දිවි අහිමිකරමින් රාවණා ඇල්ල ප්‍රදේශයේදී පෙරළී ගිය බස් රථය ඊට පෙර ගැටුණු බව කියන සුඛෝපභෝගී ජීප් රථයේ රියැදුරු හා එම වාහනය ගෙන්වූ සමාගම සඳහා ඇල්ල පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ.

ඒ අදාළ ජීප් රථයේ ඩෑෂ් කැමරා ඇතුළු කැමරා දර්ශන විමර්ශන සඳහා භාරදෙන ලෙසට නියෝග කරමින් බව වාර්තා වේ.

පසුගිය 04 වැනිදා රාත්‍රියේදී තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ 30 දෙනකු රැගත් මෙම බස් රථය ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල 24 කණුව අසලදී මීටර් 350 ක පමණ ප්‍රපාතයකට පෙරළී ගිය අතර එම අනතුරින් බස් රථයේ රියැදුරු, නගර සභාවේ සභා ලේකම්වරයා ඇතුළු 16 දෙනෙක් මියගියහ.

මෙම බස් රථය අනතුරට ලක්වීමට පළමුව වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට ධාවනය වූ රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයකද ගැටී තිබූ අතර එම රියැදුරුගෙන්ද අනතුරට අදාළව පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

රියැදුරු අනතුර වීමෙන් පසු එම ස්ථානයේ රැඳී සිට ඇති බවද පසුව තවත් පුද්ගලයකුට ජීප් එක බස් එකකින් හප්පා ගිය බව පවසා ඇති බවද ඇල්ල පොලිසිය පවසයි.

කෙසේ වෙතත් විමර්ශන සඳහා මෙම ජීප් රථයේ කැමරා දර්ශන ලබාදී නොමැති අතර රියැදුරු පවසා ඇත්තේ එකවරම මෙම කැමරා දර්ශන ලබාගැනීමේ හැකියාවක් නැති බවය. 

මෙම දර්ශන ලබාගත යුත්තේ ජීප් රථ නියෝජිතායතනය මගින් බවට ජීප් රථයේ හිමිකරු පවසා ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම දර්ශන විමර්ශන සඳහා ප්‍රබල සාක්කියක් බැවින් මෙම දර්ශන නොපමාව ලබාදෙන ලෙසට අධිකරණ නියෝගයක් මගින් ජීප් රථයේ හිමිකරුට හා ජීප් රථ ගෙන්වූ නියෝජිත සමාගමට දැනුම් දී තිබෙන බවද එම නිලධාරියා කීවේය.

මේ අතර මෙම අනතුරට හේතුව බස් රථය අඩු ගියරයක් යොදාගනිමින් අධික ලෙස තිරිංග පාගා පල්ලම් බැසීම හා අධික ලෙස රත්වූ බසයේ පිටුපස දකුණු තිරිංගය අක්‍රීය වීම බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පත්කළ විශේෂඥ මෝටර් වාහන පරීක්ෂක කණ්ඩායම අනාවරණය කරගෙන තිබිණි. 

එහි වාර්තාව ලබන සතියේදී ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක මහතා වෙත භාරදීමට ද නියමිතව ඇත.

මූලාශ්‍රය – අරුණ
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka