gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘කිසිවක් උත්තර ඓතිහාසික නෑ’ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

පසුගිය මස 26 වනදා සම්මත වූ 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල සංශෝධිත පනත මගින් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරමින් පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ජාතික පද්ධති සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් සමාගම, විදුලිබල බෙදාහැරීමේ ලංකා සමාගම සහ විදුලි ජනන ලංකා යන සමාගම් 04ක් පිහිටුවනු ලැබීය.

ඒ අනුව ලංකා විදුලිබල සංශෝධන පනත ක්‍රියාත්මක කරමින් පිහිටුවන ලද සමාගම් 4 සඳහා සේවකයින් සම්බන්ධ කිරීම ආරම්භ කර තිබේ.

එවන් පසුබිමක විදුලි වෘත්තිය සමිති අකුරට වැඩ කිරීම සහ සියලු‍ම ප්‍රසම්පාදන කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය, අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටී.

බලශක්ති අමාත්‍යංශය අද නිවේදනය කළේ, විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගෙන් කොටසක් මෙම ආයතනවලට සම්බන්ධ වීමට කැමැත්ත පළ කරමින් ලිපි ලබාදීමට කටයුතු කර ඇති බවයි.

මේ අතර විදුලිබල සැපයීම සම්බන්ධ සියලූ‍ සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඊට සමගාමීව සියළු විදුලි සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමට ද පියවර ගෙන තිබේ.

නව ප්‍රතිව්‍යුහගතකරණය හරහා විදුලිබල මණ්ඩලය තුළ මතුව ඇති තත්ත්වය පිළිබදව ජනතාව දැනුවත් කිරීමට ලංකා විදුලි සේවක සංගමය අද පස්වරුවේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අත් පත්‍රිකා බෙදාදීමක ද නිරත විය.

කෙසේ වෙතත්, මෙරට බලශක්ති ස්වාධිපත්‍යය වෙනුවෙන් රජය නිරතුරුවම පෙනී සිටින බවත්, කිසිදු අවස්ථාවක විදුලිබල ක්ෂේත්‍රය පෞද්ගලික ආයතන වෙත පැවරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

එහිදී ජනපතිවරයා අවධාරණය කර සිටියේ කිසිදු ආයතනයක් හෝ ව්‍යුහයක් උත්තරීතර ඓතිහාසික ලෙස නොපවතිනා බව විදුලි සේවකයින් අවබෝධ කර ගත යුතු බවයි.

ඒ, විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින්.

කෙසේ වෙතත්, එහිදී දැනට දරන තනතුරු හෝ වැටුප් තල කිසිදු අයුරකින් පහළ නොයන සහ ඉහළට යාමට තිබු බාධා ඉවත් කෙරෙන අන්දමින් කටයුතු කිරීම, සියලු‍ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම, නව ආයතන ව්‍යුහය තුළ ලංකා විදුලිබල මණ්ඩලය ලෙස තිබූ සියලු‍ අයිතිවාසිකම් තහවුරු කිරීම, බලශක්ති ස්වෛරිභාවය ආරක්ෂා කිරීම සහ පූර්ණ වශයෙන් රාජ්‍ය සමාගමක් බවට පත් කර ගැනීම යන මූලධර්ම ආරක්ෂා කර තිබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka