gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නීතියට අපි කවුරුත් යටත් විය යුතුයි...අරලිය හෝටලේ වැට මම ම ගලවගන්නම් - ඩඩ්ලි අඩියක් පස්සට ගනී!

අපි හැමෝම නීතියට යටත් විය යුතුයි, සුදු අරලිය හෝටලයේ තියෙන වැට ගලවගන්න මම සූදානම් යනුවෙන් ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළා.

අද හිඟුරක්ක්ගොඩ ප්‍රදේශයේ පැවති ව්‍යාපාරික හමුවක ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනුයි ඩඩ්ලි සිරිසේන මහතා මේ බව සඳහන් කළේ.

“උදේ හවස මේ කියන ප්‍රවෘත්තිවල ආණ්ඩුව දෙසැම්බර් කාඩා වැටෙයි, කාඩා වැටෙයි, ඔකේ හොඳම කොටස තමයි මාව හම්බුනාම ඩඩ්ලි මහත්තයා දැන් මොකද වෙන්නේ, වෙන දේ කියන්න ඕනේ..

මොකද වෙන්නේ කියලා මේ ආණ්ඩුව කඩාගෙන වැටෙන දවස අහන්නේ. මම පක්ෂග්‍රාහී වෙනවා නෙවෙයි, අපි කණ්ඩායමක් හැටියට එකට එකතු වෙලා මේ අභියෝගය ජයගත යුතුමයි. ඒක නිසා රජයත් එක්ක අපි සුහදව කටයුතු කළ යුතුමයි. මේක කියපුවම සමහර මිනිස්සු කියයි මගේ සුදු අරලිය හෝටලයේ වැට ගලවන්න වෙනවටද මේ කියන්නේ කියලා.

නීතියට අපි කවුරුත් යටත් විය යුතුමයි. මේකේ නිත්‍යානුකුල නොවෙන ඉඩම් කෑල්ලක් තියෙන බව ඇත්ත. මම ඒ වැට ගලවගන්න කැමතී. ඒක මම ම ගලවගන්නම්. හැබැයි මැයි මාසයේ විතර වෙනකල් අවුරුද්දක විතර වෙඩින් බුකින්ස් වගයක් තියෙනවා. බොහොම ටික කාලෙකින් මම ඕක කඩනවා. කඩලා ඒ නියමිත ක්‍රමයට මම හදනවා. එකනේ වෙන්න ඕනේ.

ආණ්ඩුව මේ යන ගමන කොච්චර සාර්ථකද කියන එක මම ඕගොල්ලොන්ට කියලා දෙන්න ඕනේ,

මම මේ ආණ්ඩුවට කඩේ යනවා නෙවෙයි, මේ වෙද්දී ආණ්ඩුව රුපියල් බිලියන 559ක් ආදායම් වශයෙන් වැඩියෙන් හොයාගෙන තියෙනවා. ආණ්ඩුව ටික ටික ටාගට් එකට යනවා. අපි බලාපොරොත්තු වෙන ඒ වැඩ පිළිවෙල කරගෙන යනවා. එක මම දන්න මිනිහෙක් වශයෙන් එක ඕගොල්ලොන්ට කියන්න ඕනේ.

ඔයාලා අපි මේ එකතුවෙලා කරන වැඩ පිළිවෙලින් තමයි ආණ්ඩුවට මේ ආදායම් එකතු කරගන්න පුළුවන්. ඒ නිසා අපි අනිවාර්යයෙන් බදු ගෙවිය යුතු මයි. අපිට කාපට් පාරවල් ඕනේ, තව තව මහා පහසුකම් ගොඩක් ගැන අපි හිතනවා. නමුත් අපි ගෙවන බද්ද ගැන මාර විදිහට දුක් වෙනවා. එහෙම කරන්න එපා.”

යනුවෙන් මෙහිදී ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළා.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka