gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අල්ලයි!

සමාජක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙක් ඇතුළු තිදෙනකු කෑගල්ල රංවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.

එම පිරිස අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී නීති විරෝධි දුම්වැටි 12400 ක්, ගජමුතු 5 ක් සහ මත් කුඩුද සොයාගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රංවල ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවකි.

සැකකරුවන් දෙදෙනා කෑගල්ල හා වැලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන් වනඅතර ඔවුහු වයස අවුරුදු 55 හහා 39 අතර ‌වෙති.

ව්‍යජ ලෙස සකසන ලද ජාතික හැදුනුම්පතක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇතැයි කියයි.

අයෙක් යුද හමුදාවේ සේවය කර නීතියානුකූලව ඉවත් නොවු පුද්ගලයෙකු වන අතර ඔහු ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බවටත්, මහබාගේ පොලිස් වසමේ 2024 මාර්තු 28 දින ගිණි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවටත් තොරතුරු අනාවරණය වි තිබෙයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka