සැප්තැම්බර් මස (15) වන දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මහෙස්ත්‍රාත්වරු, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරින් 106 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව මහේස්ත්‍රාත්වරුන්, අතිරේක මහේස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් සහ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහර මහේස්ත්‍රාත් අධිකරණයටත්, මහර මහේස්ත්‍රාත් එච්.ජි.ජේ.ආර්. පෙරේරා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත මාරු කර ඇති බව වාර්තා වේ.
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පි.එස්. පතිරණ බලපිටිය මහේස්ත්‍රාත්වරයා ලෙසත්, බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී.ජනක කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ලෙස මාරු කර යවා ඇත.
ගාල්ල මහෙස්ත්‍රාත් අයි.එන් එන් කුමාර ගමගේ කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙසත් කුරුණෑගල මහේස්ත්‍රාත් එන්.ඩී. ගුණරත්න, ගම්පහ අතිරේක දිසා විනිසුරුවරයා ලෙසත් මාරු කර යවා ඇත.