gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල් – මහින්ද බලන්න තංගල්ලේ යයි (ඡායා)

ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (16) තංගල්ල කාල්ටන් නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇත. මේ හමුවෙන් පසුව වීරවංශ මහතා සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් තබා තිබිණි.

“දශක ගණනාවක් පුරා පෝෂණය වූ LTTE ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීමේදී ඒ වෙනුවෙන් දේශපාලන නායකත්වය ලබාදුන් 5 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, එතුමාට ඇති ජීවිත තර්ජනයන්ද නොතකා වත්මන් පාලකයින්ගේ තීරණය අනුව කොළඹ නිල නිවස නැවත භාරදි  තංගල්ල කාල්ටන් නිවසට පසුගිය දිනක ගිය පුවත ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා වැඩි අවධානයක් දිනාගත් පුවතක් විය.

දේශපාලනමය වශයෙන් කොතෙක් විසම්මුතින් තිබුණ ද ත්‍රස්තවාදය පරාජය කිරීමට එතුමා ලබා දුන් දේශපාලන නායකත්වයට කෘතගුණ සැලකීමක් ලෙස මමත්, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයිනුත් අද (16) තංගල්ල කාල්ටන් නිවසේදී එතුමා හමුවී එතුමාගේ සුවදුක් විමසා අපහට දැක්විය හැකි කෘතගුණය දක්වනු ලැබුවෙමු.”









gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka