gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විපක්ෂයේ සන්ධානයට ලොක්කෙකුගෙන් බකට්ටුවක්

ඉදිරියේදී පිහිටුවා ගැනීමට යන ඒකාබද්ධ පොදු සන්ධානයට විපක්ෂයේම ප්‍රබල නායකයෙකු කකුලෙන් ඇදීම හේතුවෙන් බරපතළ  අර්බුදකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට සහභාගී නොවන ලෙස එම නායකයා සිය මන්ත්‍රීවරුන්ට පසුගියදා  ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම අර්බුදය තවත් උත්සන්න වී තිබෙන බව  දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම නායකයා එක්සත් ජාතික  පක්ෂය සම්මේලනයට  පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු  පමණක් යොමු කර නිහඬ ප්‍රතිපත්තියක සිටින බවද වාර්තාවේ. විපක්ෂයේ සෙසු නායකයන් ජනතාව අතරේ ඉහළට එනු ඇතැයි බියෙන් ඔහු මේ අයුරින් කටයුතු කරන බවට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් චෝදනා කළහ.

විපක්ෂයේ පුළුල් පොදු සන්ධානයක් පිහිටුවා ගන්නා ලෙසට  ජනතාව ඇතුළු විවිධ පාර්ශව වලින් ඉල්ලීම් ලැබෙද්දි මෙම නායකයා පමණක් මේ අයුරින් කකුලෙන් අදින ප්‍රතිපත්තියක කටයුතු කිරීම බලවත් ප්‍රශ්නයක් බව එම මන්ත්‍රීවරු වැඩිදුරටත් පෙන්වා දෙති.

(සුජිත් හේවාජුලිගේ)
-lankadeepa
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka