gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පද්මේලා එක්ක ගණුදෙනු කල හිටපු ඇමතිලා තුනක් හෙලිවේ…

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙනවිත් රඳවාගෙන සිටින පාතාල කල්ලි නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම් හරහා තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

වාර්තාවලට අනුව, හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකු පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔවුන් මෙම කණ්ඩායම සමඟ ගනුදෙනු කර ඇති බවට සැක කෙරේ.

මේ වන විට, කෙහෙල්බද්දර පද්මේ සමඟ සමීප සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයන් 30 දෙනෙකු පමණ සිය පදිංචි ස්ථාන අතහැර පලා ගොස් ඇති බවට පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.

එමෙන්ම, කෙහෙල්බද්දර පද්මේ විසින් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක්ද මේ වන විට පොලිසිය විසින් වටලා තිබේ. මීට අමතරව, පුද්ගල ඝාතන කොන්ත්‍රාත් සඳහා යොදාගත් වෙඩික්කරුවන් පිළිබඳව ද විමර්ශන ආරම්භ කර ඇත.

මෙම මෙහෙයුම් මගින් පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ තවත් තොරතුරු රැසක් හෙළි කරගැනීමට පොලීසිය බලාපොරොත්තු වේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka