gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාහන නවත්වා රිට අනතුර වීඩියෝ කළත් දැරිය රෝහල්ගත කරන්න කිසිවෙක් උදව් වී නෑ… රෝහල්ගත කිරීම ප්‍රමාද වීමෙන් දැරියක් මිය යයි!

මන්නාරම – යාපනය සංගුපිටිය මාර්ගයේ පිහිටි සංගුපිටිය පාලම අසලදී යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් පසුව බරපතල ලෙස තුවාල ලැබූ කුඩා දැරියක් රෝහල් ගත කිරීම ප්‍රමාද වීම හේතුවෙන්  මියගොස් තිබේ. 
ඊයේ සිදුවූ අනතුරකින්  මෙසේ මියගොස් සිටියේ හය හැවිරිදි  එස්.තනුෂිකා   නැමති දැරියකි.

දැරියගේ පියා විලාප තබමින් කියා සිටියේ තම යතුරු පැදිය අනතුරට පත් වීමෙන් පසුව දියණිය ඉන් ඉවතට වීසි වී යාම නිසා ඇය බරපතල ලෙස තුවාල ලැබූ බවයි. 

වහාම ඇයව රෝහලට රගෙන යාමට අවට අයගෙන් ආධාර උපකාර ඉල්ලා සිටියද ඔවුන් එය අනවශ්‍ය කරදරයක් බව කියමින් එතැනින් ඉවත්ව ගිය බවයි. 

මෝටර් රථ කීපයක්ම නතර කළත් ඔවුන් අනතුර සිය ජංගම දුරකතන වලින් වීඩියෝ කළ මිසක් සිය දියණිය රෝහල් ගත කිරීම  ප්‍රතිෂේප කළ බවද පියා කියා සිටියේය. 

එම ස්ථානයට ගිලන් රථයක් කැදවන ලෙස ඉල්ලා සිටියත් එයටද කවරෙකු හෝ ඉදිරිපත් නොවූ අතරවාරයේ යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති  සිය වාහනයෙන් එම ස්ථානය හරහා යමාට පැමිණි අවස්ථාවේදී අනතුර දැක වහාම ඔහු දියණියට ප්‍රථමාධාර ලබා දී චාවකච්චේරී රෝහලට ඇතුළත් කළ බව පියා හැඩූ කදුලෙන් පැවසීය. 

දෙවියෙකු මෙන් ඔහු සිය දියණිය බේරා ගැනීමට උදව් උපකාර කළ නමුත් දැරිය රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් ඇය මියගිය බවද ඔහු සදහන් කළේය.

චාවාකච්චේරී පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
-දිනසේන රතුගමගේ
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka