gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පොලොවේ ගිලාබැසීම් වළක්වන්නයි යට කලේ..’ – මිද්දෙනියේ අයිස් රසායන තොගය යටකල හිටපු මන්ත‍්‍රී කියයි…

මිද්දෙනිය තලාව ප්‍රදේශයේ ඉඩමක තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් මේ වන විටත් පුළුල් විමර්ශන සිදුවෙමින් පවතින අතර, ඊට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් මනම්පේරි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල සැකකාර මන්ත්‍රීවරයා වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල හා එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම විමර්ශන කටයුතු සිදු කරයි.

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ “බැකෝස් සමන්” නැමැත්තා ලබාදුන් ප්‍රකාශ මත පදනම්ව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

පොලීසිය සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී සැකකාර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ “මගේ සහෝදරයා මෙතන ගරාජ් එකක් හදන්න හිටියේ. මෙතන ගොඩක් වතුර පිරෙනවා. ඒ හින්දා ගිලාබැසීම් වළක්වන්න තමයි අපි මේවා දැම්මේ” යනුවෙනි.

මේ අතර, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මෙම ද්‍රව්‍ය පිළිබඳව සිදු කළ පරීක්ෂණයේදී, මෙම ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට ගන්නා රසායනික ද්‍රව්‍යයක් බවට අනාවරණය වී ඇත.

මේ පිළිබඳ වැඩිදුර තහවුරු කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක වාර්තාවද ලබාගත යුතු බව පොලීසිය පවසයි.

අදාළ රසායනික ද්‍රව්‍ය තොග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිත්දනීය පොලිස් ස්ථානයට අද භාර දෙනු ලැබීය.

මෙම ඉඩමේ සිදු කළ සෝදිසි කිරීමකදී, එහි මඤ්ඤොක්කා වගාවක් ආසන්නයේ කාණුවක සඟවා තිබූ අත්බෝම්බ සහ පතරොම් තොගයක් ද විමර්ශන නිලධාරීන්ට හමුවී තිබේ.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තහවුරු කළේ විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ පහක්, ටී-56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 17ක්, සහ බෝර 12 උණ්ඩ තුනක් ඒ අතර තිබූ බවයි.

ඒ අනුව දෙවැනි දිනටත් ඉඩමේ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසිනි
 
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka