gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෙවල්වලටත් නොකියා අපි මේ මෙහෙයුමට ගියේ මරණ සහතිකේ අතේ තියාගෙන – ASP ඕලුගල කියයි

“පාතාල අපරාධකාරයන් අත්අඩංගුවට ගන්න ක්‍රියාත්මක කරපු මෙහෙයුම ගැන අපි ගෙවල්වලටවත් කිව්වේ නැහැ. ජපානේ යනවා කියලා අපි ගෙවල්වලින් පිටත් වුණේ. පොලිස් ඉතිහාසයේ විදේශ රටකදී කරපු රහසිගතම මෙහෙයුමට සම්බන්ධ වෙන්න ලැබීම වාසනාවක්” යැයි සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා කියා සිටියේය.

මේ පාතාල නායකයෝ ඉන්දුනීසියාවේ පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කියලා අපට තොරතුරු තිබුණා. බැරිවෙලා හරි අපේ මිෂන් එක වැරදුණා නම් අපිට ජීවිතවලින් වන්දි ගෙවන්නත් වෙන්න ඉඩ තිබුණා. කොටින්ම අපි දෙන්නා මේ මෙහෙයුමට ගියේ මරණ සහතික අතේ තියාගෙන යැයි ඕලුගල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල ප්‍රබලයන් පස් දෙනකු ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේදී අත්අඩංගුවට ගෙන ඔවුන් මෙරටට රැගෙන ඒමේ මෙහෙයුමට නායකත්වය දුන් සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මේ බව කියා සිටියේය.

“මහජන ආරක්‍ෂක ඇමැති ආනන්ද විජේපාල, අමාත්‍යංශ ලේකම් රවි සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට යන මහත්වරුන් මේ පාතාල මැරයො ලංකාවට ගේන මෙහෙයුම සකස් කළා.

මෙහෙයුමට මාවත් සහකාර පොලිස් අධිකාරි මහින්ද ජයසුන්දරත් තෝරාගෙන සිටියා. අපිට ලොකු රික්ස් එකක් තිබුණා.

නොදන්න රටකට ගිහින් ඒ රටේ පොලිසියේ සහයෝගයත් අරන් මේ වගේ අපරාධකාරයො ඉන්න තැන සොයාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීම ඇත්තටම ලොකු අභියෝගයක් වුණා.

අපි දෙන්නා දවස් තුනක් විතර පාරවල්වල ඇවිදලා පදිකවේදිකාවල නිදාගෙන ඉඳලා වෙස්වළාගෙන මේ අපරාධකාරයො ගැන සේරම විස්තර සොයා ගත්තා.

ඒ වෙනකොට අපි ඇවිල්ලා දවස් 3ක් ගත වෙලා. මට තේරුණා තවත් මේ මෙහෙයුම ක්‍රියාත්මක නොකළොත් අපි ගැන තොරතුරු පාතාල අපරාධකාරයන්ට යනවා කියලා.

මොකද ඒ වෙනකොටත් ඩුබායිවල ඉන්න සමහරු මං මේ රටේ ඉන්නවා කියලා දැනගෙන හිටියේ. ලංකාවෙනුත් මට කෝල් එන්න ගත්තා ඉන්න තැන සොයාගෙන.

ඒ නිසා මම පොලිස්පතිතුමාට කතා කරලා කිව්වා මේ අපරාකාරයො ගැන සේරම විස්තර සොයාගෙන ඉන්නෙ අපි ඒ අයව අත්අඩංගුවට ගන්න මෙහෙයුම ක්‍රියාත්මක කරමු කියලා.

ඒ වෙනකොට ඉන්දුනීසියාවේ කලබලකාරී තත්ත්වයක් ඇතිවෙලා තිබුණා. කැරලිකාරයෝ රජයට විරුද්ධව කැරලි ගහලා. දහස් ගාණක් මිනිස්සු එළියට බහින්න පටන් අරගෙන හිටියේ.

අන්තිමේදී මේ මෙහෙයුම සාර්ථක කරගන්න ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත් සම්බන්ධ වුණා. ජනාධිපතිතුමා මට අවස්ථා කිහිපයකදීම දුරකථනයෙන් කතා කළා. පාන්දර 2 ට 3 ටත් මට කතා කළා.

ජනාධිපතිතුමා ඉන්දුනීසියාවේ රජයටත් කතා කරලා මේ මෙහෙයුම සාර්ථකව කරගෙන යන්න අවශ්‍ය වටපිටාව හදලා දුන්නා. ඒ විදිහට ලැබුණු සහාය මත තමයි මේ මෙහෙයුම සාර්ථකව කරගන්න ලැබුණේ යැයි රොහාන් ඕලුගල මහතා වැඩිදුරටත් කියා සිටියේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka