gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රෝහිත රාජපක්‍ෂගේ අධ්‍යාපන සුදුසුකම් ජාත්‍යන්තරය පිළිගත් ඒවායි... ඒවා අපිටත් ඔප්පු කළ හැකියි - Supreme SAT

Supreme SAT 01 චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමේ සිදුවීමට අදාළව Supreme SAT සමාගම විසින් නිකුත් කළ තවත් මාධ්‍ය නිවේදනයක් පිළිබඳ අන්තර්ජාල නාලිකාවක් මගින් කරුණු හෙළිකර තිබේ.

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ‍අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහනකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අදාළ සමාගමට සම්බන්ධ විධායක නිලධාරියෙකු විසින් පිටු 6 කින් යුත එම නිවේදනය එවා ඇති බව ඒහි පැවසීය.

නිවේදනය මගින් සමාජය තුළ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතිවූ විරෝධයන් සඳහා ප්‍රතිචාර දක්වා ඇති අතර පසුගිය දිනවල අභියෝගයට ලක් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ද කරුණු හෙළිකර තිබේ.

රෝහිත රාජපක්ෂ මහතා කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක නීති රීති ප්‍රකාරව අදාළ වේදනයකට යටත්ව තම ආයතනයට බඳවාගෙන සිටි පුද්ගලයකු බවත්, ඔහු සේවය කළේ සිය සුදුසුකම් ලෝකයේ පිළිගත් විශ්ව විද්‍යාල හරහා අදාළ සහතික ඉදිරිපත් කොට සම්මුඛ පරීක්ෂණයකින් සමත්වීමෙන් පසුව බවත්, එය සාක්ෂි සහිතව තහවුරු කළ හැකි සිදුවීමක් බවත් එම සමාගම නිවේදනය කරයි.

රෝහිත රාජපක්ෂගේ සම්බන්ධය ඉදිරිපත් කොට මෙම පුද්ගලික ව්‍යාපෘතිය රාජපක්ෂකරණය කොට දේශපාලන ිවාදිකම් පිරිමසා ගැනීමට ඩොලර් බිලියන ගණනක් මෙරටට උත්පාදනය කරන ව්‍යාපෘතියක් අසාධාරණ ලෙස වධ බන්ධනයන්ට ලක් කිරීමට අදාළදේශපාලකයන් කටයුතු කළේ ඉතා පහත් ආකාරයකට බවද එම නිවේදනයෙහි සඳහන්ය.

මෙසේ තහවුරු වී තිබියදීත් මෙම බොරුව මත පිහිටා කටයුතු කරන මුග්ධ දේශපාලනඥයින් මෙන්ම ඔවුන් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී සිදු කරනු ලබන සාවද්‍ය ප්‍රකාශ නිසා අඳුරු වන්නේ මෙරට දක්ෂ දරුවන්ගේ අනාගතය බව ද එම නිවේදනයෙහි සඳහන් කර ඇති බව දැක්වෙයි.

ලෝකය පිළිබඳ කියවීමක් නැති පටු ලාමක දේශපාලඥයින්ගේ මුසා නිසා අහිමි වූ ව්‍යාපාර අවස්ථා අතර ශ්‍රී ලංකාවට මං ඇහිරී ඇති විශාලතම ඩොලර් උත්පාදන මාර්ගයක් ලෙස මෙම වාණිජ චන්ද්‍රිකා හා අභ්‍යවකාශ ක්‍ෂේත්‍රයේ හැඳින්විය හැකි බව ද එම නිවේදනයෙහි දක්වා ඇත.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka