gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ වකුගඩු අවුලක්... ක‍්‍රියැටිනීන් ඉහලට... සෝඩියම් පහලට... පැය 24ක් වෛද්‍ය අධීක්‍ෂණට යටත් කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහල වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය ප‍්‍රදීප් විජේසිංහ මහතා පැහැදිලි කරයි.

එ් අනුව වික්‍රමසිංහ මහතා අඩු සෝඩියම් මට්ටමකින්, ඉහළ ක්‍රියේටිනින් මට්ටමකින් සහ අධි රුධිර පීඩනයකින් පෙළෙන බව හෙළි වී තිබේ.

මෙම තත්ත්වයන් බන්ධනාගාර රෝහල මගින් සිදු කරන ලද මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර, වැඩිදුර විශේෂිත පරීක්ෂණ සඳහා අවශ්‍ය පහසුකම් නොමැති නිසා ජාතික රෝහලට මාරු කිරීමට සිදු වී ඇත.

වෛද්‍ය උපදෙස් මත, ඔහුගේ වයස සහ වාර්තාගත රෝගී තත්ත්වයන් සලකා බලා, පළමු පැය 24 දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ තැබීමට තීරණය කර ඇත.

ඒ අනුව, බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ඒකකයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයකට මාරු කරනු ලැබ ඇතැයිද හෙතෙම පැවසීය.

මේ වන විටත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ වාට්ටුවේ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රුධිරයේ ක්‍රියේටිනීන් මට්ටම ඉහළ යාම සාමාන්‍යයෙන් වකුගඩු ක්‍රියාකාරිත්වයේ ගැටලුවක් ලෙස සැලකේ. ක්‍රියේටිනීන් යනු මාංශ පේශිවල පරිවෘත්තීය ක්‍රියාවලියෙන් පසු ඇතිවන අපද්‍රව්‍යයක් වන අතර, නිරෝගී වකුගඩු මගින් එය පෙරී සිරුරෙන් බැහැර කරයි.

ක්‍රියේටිනීන් මට්ටම ඉහළ යාම වකුගඩු අකර්මණ්‍ය වීම හෝ වකුගඩු රෝගී තත්ත්වයන්හි මූලික ලක්ෂණයක් විය හැකිය.

ශරීරයේ තරල ප්‍රමාණය අඩුවීම නිසා ද ක්‍රියේටිනීන් මට්ටම තාවකාලිකව ඉහළ යා හැකිය. මාංශ පේශිවලට දැඩි හානි සිදුවූ විට ද ක්‍රියේටිනීන් මට්ටම ඉහළ යාමට ඉඩ ඇත.

සෝඩියම් යනු ශරීරයේ ස්නායු හා මාංශ පේශි ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය ඛනිජයකි. රුධිරයේ සෝඩියම් මට්ටම ඉතා පහළ අගයකට පත්වීම ‘හයිපොනැට්‍රීමියා’ (Hyponatremia) ලෙස හැඳින්වේ.

සෝඩියම් මට්ටම අඩුවීම මගින් මොළයේ ඉදිමීමක් ඇති විය හැකි අතර, එය හිසරදය, ව්‍යාකූලත්වය, ක්ලාන්තය සහ සමහර විට සිහිනැතිවීම වැනි තත්ත්වයන්ට හේතු විය හැකිය.

මාංශ පේශිවල කැක්කුම් සහ දුර්වලතා ඇතිවිය හැක. හෘද ස්පන්දන වේගය අක්‍රමවත් වීම ද සිදුවිය හැකිය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka