gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට අනතුරු අඟවයි

මහ දැවැන්ත මර්දනයකට අද රටේ දේශපාලන රාමුව ලක්කර තිබෙන බැවින් ආණ්ඩුව මර්දනයට ලෑස්ති වෙන්න එපා බවත් අපේ ඉවසීමේ සීමාවක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“අපි හැමදාම මේ රටට ආදරය කරපු දේශපාලන බලවේගයක්. අපි මහපොළොවේ පය ගහපු දේශපාලන බලවේගයක්. අපි රට වෙනුවෙන් වැඩ කරපු දේශපාලන බලවේගයක්.

අඩු වැඩි වශයෙන් අපේ ආණ්ඩුවලින් අඩුපාඩුකම් වෙන්න ඇති. අද ලංකාවේ දෙවුන්දර තුඩුවේ ඉදන් පේදුරුතුඩුව දක්වා තරුණ පරම්පරාව අලුත් දේශපාලන සංස්කෘතියක්. ඒ පලිගැනීමට නෙමෙයි.

අපිට අභියෝගයක් තියෙනවා. මහ දැවැන්ත මර්දනයකට අද මේ රටේ දේශපාලන රාමුව ලක්කරලා තියෙනවා. රාජ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙනවා ප්‍රජාතන්ත්‍රවාදය හකුලවන්න.

අපි ආණ්ඩුවටත් කියනවා, මර්දනයට ලෑස්ති වෙන්න එපා. අපේ ඉවසීමේත් සීමාවක් තියෙනවා. ඒ නිසා මර්දනයට සූදානම් වෙන්න එපා.”
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka