gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රිමාන්ඩ් වෙන්න යන්න රනිල් බෙන්ස් එකෙන් FCIDයට පැමිණේ! (Video)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

ඒ එම කොට්ඨාස විසින් සිදු කරන පරීක්‍ෂණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දරද්දී රජයේ මුදලින් පුද්ගලික විදේශ සංචාර ගිය බවට සිදු මෙම පරීක්ෂණ සිදු කෙරෙයි.

ආණ්ඩුවට හිතවාදී සමාජ ජාල නාලිකා මෙහෙයවන්නකු විසින් සහතික කර කියන ලද්දේ අද දිනයේ රනිල් වික්‍රමසික මහතා අත්අඩංගුවට ගන්නා බවත් දින 14ක් රක්ෂිත බන්දනාගාර ගත කිරීම අනිවා අනිවාර්යෙන්ම සිදුවනු ඇති බවත්ය.

එවන් පසුබිමක් තුල රනිල් වික්‍රමසිංහ මහතා මුල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තිය අනුව, ජනාධිපතිවරයා තම ධූර කාලය තුළ කරන ලද හෝ නොකරන ලද කිසිදු කාර්යයක් සම්බන්ධයෙන් සිවිල් හෝ අපරාධ නඩුවකට භාජනය කළ නොහැක. මෙය ජනාධිපති ධූරයේ බලය හා ගෞරවය ආරක්ෂා කිරීමට ඇති වැදගත් ව්‍යවස්ථාමය විධිවිධානයකි.

එනම්, ජනාධිපතිවරයා ධූරයේ සිටින කාලයේ සිදු කරන ලද ඕනෑම ක්‍රියාවක් හෝ අතපසුවීමක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම, සිරගත කිරීම හෝ නඩු පැවරීම සිදු කළ නොහැක. මෙම ප්‍රතිශක්තිකරණය ජනාධිපතිවරයා ධූරයේ සිටින තාක් කල් බලපැවැත්වේ.

හිටපු ජනාධිපතිවරයෙකුට නඩු පැවරීම පිළිබඳ තත්ත්වය ව්‍යවස්ථාවේ 35(3) වගන්තියෙන් පැහැදිලි කෙරේ. ඒ අනුව, ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වූ පසු, ඔහු ධූරයේ සිටි කාලයේදී සිදු කරන ලද ඕනෑම ක්‍රියාවක් හෝ අතපසුවීමක් සම්බන්ධයෙන් සිවිල් හෝ අපරාධ නඩු පැවරිය හැකිය.

මෙම වගන්තිය මගින් පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා තම ධූරයෙන් ඉවත් වූ පසු ඔහුට එරෙහිව නඩු පැවරීමට ඇති ව්‍යවස්ථාමය බාධාව ඉවත් වන බවයි.

ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්වීමෙන් පසු ඔහුට එරෙහිව ඕනෑම අපරාධයක් හෝ සිවිල් වරදක් සම්බන්ධයෙන් නඩු පැවරිය හැකිය. උදාහරණයක් ලෙස, දූෂණ, වංචා, මුදල් වංචා කිරීම්, හෝ වෙනත් අපරාධමය ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය. මෙම නඩු පැවරීමේදී සාමාන්‍ය නීතියට අනුව ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත්, ව්‍යවස්ථාවේ 35(2) වගන්තිය මගින් විශේෂිත අවස්ථාවකදී ජනාධිපතිවරයෙකුට පවා නඩු පැවරීමට අවස්ථාව සලසා දී ඇත. ඒ මූලික අයිතිවාසිකම් කඩ කිරීම් සම්බන්ධ නඩුවලදීය. යම් පුද්ගලයෙකුට ජනාධිපතිවරයාගේ ක්‍රියාවක් නිසා මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවූ බවට චෝදනා කිරීමට අවශ්‍ය නම්, එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ හැකිය.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka