හෝම් ලෑන්ඩ්ස් ආයතනය විසින් තුන්මුල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මහල් 40 කින් යුත් 'පෙන්ටාරා' මහල් නිවාස ව්‍යාපෘතිය සදහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් අනුමැතිය ලබාදීම මේවන විට දැඩි මතභේදයට ලක්ව ඇතැයි වාර්තා වේ.
ඒ අවට එවැනිම ඉදිකිරීම් සඳහා ඉල්ලුම් කර නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය නොලැබුණු පිරිසක් සිටින බව පැවසේ.
ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියට පසුගිය දිනවල දැඩිව දෝෂාරෝපනය කර ඇති බවද වාර්තා වේ.
ලංකා හොට් නිවුස් කළ සොයා බැලීමකදී හෙළිවූයේ අදාළ ඉඩමෙහි මීට පෙර හිමිකරු වූ NEM Construction හි සභාපති රාජා නානායක්කාර මහතා ද මේ ඉඩම සඳහා මෙවැනිම මහල් සැලැසුමක් ඉදිරිපත් කර ඇති බවත්, එය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද නාගරික සංවර්ධන අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසේ.
රාජා විසින් NEM Construction ආරම්භ කර ඇත්තේ 1980 දී වන අතර ඔවුන් විසින් අධිවේගී මාර්ග ඉදිකිරීම් කටයුතු ද කර ඇති සමාගමක් වන අතර එවැනි සමාගමකට මෙහි ඉදිකිරීම් සිදු කිරීමට අවසර නොදී හෝම්ලෑන්ඩ්ස් හට අවසර ලබාදීම ප්‍රශ්නකාරී වී තිබීම ද කැපීපෙනෙන්නකි.
මේ අනුව අදාළ, කාරණාව සම්බන්ධයෙන් ක්ලැසන් පෙදෙසේ පදිංචිකරුවන් පිරිසක් විසින් ජනාධිපතිවරයාට හා අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති බවට ද රාවයක් පවතී.
එම සමාගම් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ලැබෙන තොරතුරු අනුව අදාළ ව්‍යාපෘතියේ නිවාස වලින් 70%කට ආසන්න ප්‍රමාණයක් විකුණා ගැනීමට නොහැකි වුවහොත් මේ ව්‍යාපෘතියට අත්වන්නේද 2017 වසරේ දී බ්ලූ මව්න්ටන් සමාගම විසින් බම්බලපිටියේ ආරම්භ කරන Achilleion නම් තරු 7 සුඛෝපභෝගී මහල් නිවාස සහ කාර්යාල ව්‍යාපෘතියට සිදුවූ ඉරණමම බවද ආර්ථික විශේෂඥයෝ කියති.
pentara residencies thummulla handiya