gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැඩට නාවොත් රස්සාවෙන් දොට්ට... මේ මාසේ පඩිත් නෑ... තැපැල්පති වර්ජකයන්ට අවසන් නිවේදන නිකුත් කරයි

නියමිත ක්‍රියාපටිපාටියට අනුව අවසර ලබානොගෙන සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට සිදු වන බව තැපැල්පති රුවන් සත්කුමාර නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

එමෙන්ම සියලු තැපැල් සේවකයන්ට අද (22) දිනයේ සේවයට වාර්තා කරන ලෙස දැනුම්දී තිබෙන අතර, සේවයට වාර්තා නොකරන සේවකයන්ට මේ මස වැටුප නොලැබීමේ හෝ ප්‍රමාදවීම සිදුවිය හැකි බවත්, මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී තැපැල්පතිවරයා පවසා ඇත.

වර්ජනයේ නිරත සේවකයන් සඳහා වැටුප් ගෙවීම වෙනුවෙන් මුදල් නිකුත් කළ නොහැකි බවට මහාභාණ්ඩාගාරය දැනුම්දී තිබෙන බව පෙන්වාදෙන තැපැල්පතිවරයා, ඊට අමතරව සේවයට වාර්තා කරන සේවකයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස ද දන්වා ඇතැයි පවසයි.

ඒ අනුව සේවයට වාර්තා නොකරන සේවකයන්ට මේ මස වැටුප නොලැබීමේ හෝ ප්‍රමාදවීම අනිවාර්යයෙන්ම සිදුවන බව ද තැපැල්පතිවරයා සඳහන් කරයි.

මේ හේතුවෙන් වහාම සේවයට වාර්තා කරන ලෙස වර්ජනයේ නිරත සේවකයන්ට දැනුම්දී තිබෙන බව ද හෙතෙම කියාසිටියි.

මධ්‍යම තැපැල් හුවමාරුවට ඇඟිලි සලකුණු යන්ත්‍ර කිහිපයක් සවිකිරීමට ද තමන් උපදෙස් දී ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka