gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බීමතින් රිය අනතුරක් කළ සගයා අත් අඩංගුවට ගත්තැයි කිපී සජබ තරුණ කටයුතු ලේකම් කෙනෙක් පොලිසිය තුළ දී පාදුක්ක පොලිසියේ ට්‍රැෆික් OICට පහරදීලා… OIC රෝහලේ…

බීමතින් රිය අනතුරක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් පාදුක්ක පොලිස් ස්ථානයේ නිලධාරින්ට බැණ තර්ජනය කර පාද්දුක පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිට පහර දුන් සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා සභිකයෙක් මෙන්ම සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රක් තරුණ කටයුතු ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයාගේ පහර කෑමට ලක් වූ පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වනවිට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය තුළ කළහකාරීව හැසිරුන විපක්ෂයේ ප්‍රාදේශීය දේශපාලකයා පාලනය කිරීමට සිර මැදිරියකට දැමූ පසු තමන් අසනීප බව ප්‍රකාශ කළ හෙයින් ඔහු ද හෝමාගම රෝහලට ඇතුළත් කළ බව පාදුක්ක පොලිසිය පවසයි.

මෙම ප්‍රාදේශීය දේශපාලකයා සමග මත් පැන් පානය කළ පුද්ගලයෙක් ඊයේ සවස මෝටර්ථය ත්‍රී රෝද රථයක හප්පා පාදුක්ක මාවත්ගම ප්‍රදේශයේ දී අනතුරක් සිදුකිරීමෙන් අනතුරුව මෝටර් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන මෝටර් රථය ද පොලිස් භාරයට ගත් පසු මෙම දේශපාලකයා පොලිසියට පැමිණ මැරයෙක් ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.

සිද්ධිය ආයාසයෙන් සමතයකට පත් කර ගත් පසු තමන් රෝගී බව කී ප්‍රාදේශිය දේශපාලකයා හෝමාගම රෝහලට ඇතුළත් කළ පසු ඔහු රෝහල තුළත් කළහකාරී ලෙස හැසිරී ඇත. මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන සැකකරු අද (16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පාදුක්ක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka