gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විපක්‍ෂයෙ ඉද්දි සූදුවට විරුද්ද වුනාට ආණ්ඩු කරද්දි යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා - මාලිමා මහ ලේකම්

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස සිටියදී සූදු ක්‍රීඩාව දෙස බැලුවේ සාරධර්ම සහ රටේ ජනතාවගේ යහපැවැත්ම පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් වන නමුත් ජාතික ජනබලවේගය රටේ පාලනය භාර ගත් නිසා සූදු ක්‍රීඩා පවතින වත්මන් යථාර්ථයට මුහුණ දීමට සිදුවන බව ජාතික ජන බලවේගයේ (NPP) මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා, සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් පැවසීය.

රටේ පවතින සූදු ක්‍රීඩා නිවැරදිව නියාමනය කිරීම සහ ඒ සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් සකස් කිරීම ආණ්ඩුවක මූලික වගකීමක් බව ඔහු ප්‍රකාශ කළේය.

කැමති වුවත්, නැති වුවත්, මෙම වගකීමෙන් මිදිය නොහැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින වැඩපිළිවෙල,අකමැති වුවද, රට තුළ පවතින සූදු ක්‍රීඩා නියාමනය කිරීම සඳහා බව අබේසිංහ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය. මෙය සමස්ත ජනතාවගේ යහපත උදෙසා ගනු ලබන ක්‍රියාමාර්ගයක් බවත් ඔහු අවධාරණය කළේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka